කිරින්ද ඛණිජ වැලි නිධිය රජයට පවර ගන්නවා… සෞභාග්‍යයේ දැක්ම එයයි..- විමල්ගෙන් නිවේදනයක්

March 28, 2021 at 8:40 am | lanka C news
කිරින්ද ඛණිජ වැලි නිධිය රජයට පවර ගන්නවා… සෞභාග්‍යයේ දැක්ම එයයි..- විමල්ගෙන් නිවේදනයක්

කිරින්ද ඛණිජ වැලි නිධිය සම්බන්ධයෙන් ඊයේ දින ඇති වූ සාකච්චාව ගැන කර්මාන්ත අමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

කිරින්ද ඛනිජ වැලි නිධියෙහි කැණීම් කටයුතු රාජ්‍ය සමාගමක් වන ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගම මගින් සිදුකර එම ජාතික සම්පතෙහි ප්‍රතිලාභ ‘සෞභාග්‍යයේ දැක්ම’ අනුව යමින් ජාතියට දායාද කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

හම්බන්තොට කිරින්ද වෙරළ තීරයේ පිහිටි එම ඛනිජ වැලි නිධිය අවට ප්‍රදේශවාසීන් සමඟ පැවති සාකච්ඡාවක දී ඒ මහතා මෙසේ පැවසීය.

අමාත්‍යංශයන්හි විෂය පථයන් වෙන් කර දෙමින් ජනාධිපතිතුමන් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය අනුව කර්මාන්ත කැබිනට් අමාත්‍යවරයාට ලබාදී ඇති සුවිශේෂී ප්‍රමුඛතා අතර මෙරට පවතින ඛනිජ සම්පත් සංවර්ධනය මෙන්ම නව ඛනිජ සම්පත් ගවේෂණය කරමින් ඒවායේ ඒවායින් දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නැංවීම ද වන අතර ඒ අනුව යමින් කිරින්ද ඛනිජ වැලි නිධිය ද ලංකා ඛනිජ වැලි සමාගම යටතේ ජාතියට තවත් ධන උල්පතක් ලෙස උරුමකර දීම තම අරමුණ බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙහිදී ප්‍රදේශවාසීන් පිරිසක් පෙන්වා දුන්නේ ඉන්දීය සමාගමක් මෙම ඛනිජ වැලි නිධියෙහි කැණීම් කටයුතු සිදු කර ප්‍රදේශවාසීන්ට ප්‍රතිලාභ ලබාදීමට සූදානම් බව ය. එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ ජාතික සම්පත් විදේශ සමාගම්වලට විකිණීම හෝ පවරා දීම තම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නොවන බව ය. පරිසරයද සුරකිමින් ජනතාවට උපරිම ප්‍රතිලාභ ලැබෙන පරිදි රාජ්‍ය සමාගමක විශ්වාසය යටතේ කිරින්ද ඛනිජ වැලි නිධියෙහි කැණීම් කටයුතුවලට සහාය ලබාදෙන ලෙස අමාත්‍යවරයා එම පිරිසගෙන් ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවට කිරින්ද ප්‍රදේශවාසීන්ට කරුණු දැක්වීමට හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගලප්පත්ති, ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගමේ සභාපති මුදිත විජේසිංහ, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
කර්මාන්ත අමාත්‍යාංශය

13,838 views

9 Comments to “කිරින්ද ඛණිජ වැලි නිධිය රජයට පවර ගන්නවා… සෞභාග්‍යයේ දැක්ම එයයි..- විමල්ගෙන් නිවේදනයක්”

  1. සකු says:

    විමල් අමති තුමා පරිස්සමෙන් ඕකෙන් කොමිස් ගත්ත අයට කේන්ති යයි

  2. Dp says:

    විමල් ට දීපු ඡන්දෙට එයා ලොකු වටිනාකමක් දෙනවා. රට වෙනුවෙන් දෙයක් කරන ඇමැති කෙනෙක්. වැඩි දෙනෙක් කරන්නේ හොරා කෑම සහ අනුන් ට හොරා කීම

    • Analyst says:

      රටේ සම්පත් දූෂිතයන් වංචනිකයන් පිරී ඉතිරී ඉන්න රාජ්‍ය ආයතන වලට පවරා ගැනීම හෝ ජාවාරම්කාර දේශිය ව්‍යාපරිකයන් අතට පැවරීම හෝ මහා ප්‍රගතිශිලි පියවරක් බවට පෙන්වන්න යන තැනැත්කා එක්කෝ ලෝකෝත්තර කපටියෙකි නැත්නම් අමු මෝඩයෙකි.
      අපේ දේශීය දෙයක් ලෙස මුලදී ජනතා ප්‍රසාදයක් දිනා ගත් ඇවන්ගාඩ් කෙරුවාව අද ඇඟ කිලිපොලා යන කතාවකි.අපේ යයි කියා ගන්නා රාජ්‍ය ආයතනද දූෂණ වංචා වල තෝතැනිය.
      මේ ආණ්ඩු පවතින තාක් රටේ සම්පත් වලින් ඉපයෙන ආදායමින් ජනතාවට ප්‍රයෝජනයක් නැත..මන්ද ඒවා විකිණි ලබාගන්නා ඩොලර් මහා ණය කදු ගෙවා දැමීමට අතුරුදහන් වනබැවිනි,බලවතුන්ගේ පිටරට ජීවත්වන,පිටරට අධ්‍යාපනය ලබන දුවාදරැවන්ගේ සුඛ විහරණය සඳහා වාෂ්ප වන බැවිනි.

  3. Nimal says:

    Wade hodai karanta deida danne ns wenta agamathi wimal kapila penawata kamathi nane

  4. කිරින්ද ඉල්මනයිට් නිදිය රජයට පවරාගෙන විතරක් ඔබට වගකීමෙන් නිදහස් වෙන්න ඔබට බෑ විමල් සහෝදරයා! අපෙන් ඉල්මනයිට් ගන්න ජපානය, එහි අන්තර්ගත තොරියම් වෙන් කරගෙන, එයින් ‘තෝරියා” නැමති ඉතා ඉහල වටිනාකමෙන් යුත් විකරනශීලී මූලද්‍රවයක් , නිස්සාරරනය කර, ගුවන්‍ යානා, නවීන මෝටර් ර්ථ නිශ්පාදනයට අවශ්‍ය මෙවලම් හදනවා. අපේ රටේ ඉල්මනයිට් වලින් මෙහිදීම තෝරියම් නිශ්පාදනය කර මුදල් උපයමු.

  5. ලොලිපොප් මොංගල් says:

    වෙන්නප්පුවේ ASP මාරැ කරපු එක ගැන විමල් මොකද කියන්නේ?. සරත් වීරසේකර අැමතිතුමා කසිප්පු කාරයින්ට, පස් ජාවාරම්කාරයින්ට සහයෝගය දෙනවද. අාරක්ෂක ලේඛම්ට මේ වා පේන්නේ නැද්ද. කවුද ASP මාරැ කරන්න, දූෂණ මර්ධන එ්කකය විසුරැවන්න නියෝග දුන්නේ. ඔිවා නෙවෙයි අපි රජයෙන් බලාපොරොත්තු වෙන්නේ.

  6. Saradiel says:

    අපේ දේ දිවිහිමියෙන් රැක ගමු. ඔබ තුමාට අපේ ප්‍රණාමය.

  7. Alapaluwa says:

    අර කෑ ගහපු ගොන් බයියන්ට 4000ක් ගෙවන්නෙ කවුද දැන්?

  8. Charles says:

    Wimal is the man !!! He must be the next President !!!

Main News