කිරිපිටි ගන්න දීර්ඝ පෝලිම්… එක පැකැට්ටුවක් පමණයි.. ඒත් සමහරුනට නෑ..

September 30, 2021 at 12:40 pm | lanka C news
කිරිපිටි ගන්න දීර්ඝ පෝලිම්… එක පැකැට්ටුවක් පමණයි.. ඒත් සමහරුනට නෑ..

නුවරඑලිය රාජ්‍ය ආයතනයක පහල මහලේ ගොඩනැගිල්ලක පිහිටි දේශිය කිරිපිටි අලෙවිසැලක් ඉදිරිපිට කිරිපිටි පැකට්ටුවක් මිල දි ගැනිමට පාරිභෝගිකයන් (30) දින උදැසන සිට දිගු පොලිම් වල රැදි සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.

අඹේවෙල ප්‍රදේශයේ  පිහිටි කිරිපිටි කර්මාන්ත ශාළාවේ නිෂ්පාදිත කිරිපිටි සතියට එක් දිනක් පමණක් අලෙවි වෙලදසැල වෙත ලබාදෙන සිමිති කිරිපිටි ප්‍රමාණය පාරිභෝගිකයන් වෙත අලෙවි කරනු ලබයි.

කිරිපිටි පැකට් මිල දි ගැනිම සදහා පොලිම් වල රැදි සිටි ඇතැම් පාරිභෝගිකයන්ට කිරිපිටි පැකට් මිල දි ගැනිමට නොහැකි තත්ත්වයක්ද උද්ගත වුයේ එම අලෙවි වෙලදසැල වෙත ඉල්ලුමට සරිලන සැපයුමක් නොලැබිම හේතුවෙනි.

– හැටන් රංජිත් රාජපක්ෂ

 

20,770 views

11 Comments to “කිරිපිටි ගන්න දීර්ඝ පෝලිම්… එක පැකැට්ටුවක් පමණයි.. ඒත් සමහරුනට නෑ..”

  1. Karunarathna says:

    පාරිබෝගික අදිකාරිය දක්ශ වැඩකාරයො ඉන්න ආමි එකට දීපු එකේ ප්‍රතිපල තමා..
    පාරිබෝගික අදිකාරියේ නිවුන්හැල්ල, ඩේටාබේස් ආමි ඔපිසර් වගේ අය වැඩකාරයො වෙලා තියෙන්නෙ විනයට හැදිච්ච නිසා..
    ආමි එකෙන් කරන නිරෝදායන මද්‍යස්තානෙක නිරෝදයනේ උනා නම් විනයට හැදිච්ච අයගෙ වැඩ බලාගන්න පුලුවන්.. ආමි එකෙන් දේශීය ත්‍ර්‍යිලෝක විජයපත්‍ර සප්ලයි කරන්නෙ සිටි සිටි ගාලා.. මේ පුද්ගලික අත්දැකීම් බයි මහත්වරුනි..

  2. Consumer says:

    This is ridiculous. I wonder what is served at the Parliament Canteen.

  3. Jagath says:

    සෞභාග්‍යයේ දැක්ම කියන්නේ මේක තමයි. හිගාකන එක

  4. KUMA says:

    කිරි පිටි වෙනුවට හොද කැඳ වර්ග පාවිච්චි කිරීමෙන් ලබන සැරේ ඔබගේ වටිනා චන්දය මනාව භාවිතා කල හැකි වේවි

  5. සමන්ත says:

    මොකක්ද මෙච්චර කිරිපිටි බොන්න තියෙන ලෙඩේ. කිසිම ගුණයක් නැති කිරිපිටි බොන්න දගලන දැගලිල්ලක්. පාරිභෝගිකයින් හැටියට තමන්ගේ අයිතිවාසිකම් ගන්න කිරිපිටි වර්ජනයක් කරන්න. නිකම්ම අඩුවෙයි ඒ වගේම නිකම්ම සුලබ වෙයි. ඒ.ටිකට කැද ටිකක් උදේට බොන්න. අනෙක් එක පුලුවන්නම් නවසීලන්තය කිරි නිෂ්පාදනයේ අඳුර පැත්කඩක් කිියන විඩියෝව බලන්න. එදාට කිරි බොන එක විතරක් නෙමේ කිරිි දැක්කත් බලන්නේ.නැතිව හිටියි

  6. Norata Eka says:

    ඇත්තෙන්ම මිනිසාට එළකිරි කුමටද…එළකිරි අවශ්‍ය වසු පැටවුන්ටයි …එළදෙනුන්ට කිරි එරෙන්නේ ඇය මවක් වූ විටයි, ඒ තම දරුවා පෝශනය කිරීමටයි…ඒ කිරි දරුවාට අයිති කිරි ටික උදුරා ගෙන බීමට තරම් මිනිසා සැහැසි වී තිබෙනවා..කිරි දරුවකුගේ උපන් අයිතිය උදුරා ගැනීම තරම් පහත් නින්දිත අපරාධයක් මෙලොව තවත් ඇද්ද…

    • Consumer says:

      අඩන්නද …. හිනාවෙන්නද ….

    • සමන්ත says:

      උදුරාගෙන නිකන් ඉන්නේ නෑ ඒ අහිංසක ඉපදී දින දෙකක් පමණ වන සියලුම සතුන් මරි දමනවා. ඉතාමත් පහත් ආකාරයෙන් එම සතුන් මරන්නේ සමහර සතුන් බඩ මැදින් වෙන් වෙන්නේ තවත් සමහර සතුන් හිසෙන් කඳ වෙන් වෙන්නේ. මේ මහ ලොකුවට කිරි ඉල්ලා අඩන මේ මිනිස්සු හරක් මස් කෑල්ලක් දැක්ක ගමන් දගලනවා නමුත් කිරි නිපදවන විට ඉපදෙන හරක් පැටවුන්ට මොකද වෙන්නේ කියලා හිතලා බැලුවාද? කැද ටිකක් උදේට හදන්න කම්මැලි අම්මාලා ඉන්නවා නම් කෝපි උගුරක් දරුවන්ට දෙන්න. මේ පව්කාර වැඩේට උදව් නොකර.

      • Norata Eka says:

        මේ අපරාධ ගැන දැනුවත් කවුරුන් හෝ සිටිනු දකින්න ලැබීම සතුටක්…මා මේ ලෝකයේ සිදුවන සියළු ආකාරයේ සත්ව හිංසනය ගැන දැනුවත්, එයින් හැකි සෑම ආකාරයකින්ම වැලකී සිටින්න උත්සාහ කරන, සතුන්ට මිනිසා විසින් සිදු කරනු ලබන අන්ත අමානුශික අපරාධ වෙනුවෙන් හඬ නගන වීගන් අයෙක්…

  7. Sundara says:

    Den sepada kiya chanda illapu Minha cancer hedilada merila pala