කිරිපිටි ගන්න දීර්ඝ පෝලිම්.. පාලනයට පොලිසිය දමයි..

September 19, 2021 at 12:40 pm | lanka C news
කිරිපිටි ගන්න දීර්ඝ පෝලිම්.. පාලනයට පොලිසිය දමයි..

නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පහත මහලේ පිහිටි දේශිය කිරිපිටි අලෙවි මධ්‍යස්ථානයක කිරිපිටි බෙදා හැරිම සදහා නුවරඑලිය පොලිසියේ නිලධාරින්ගේ සහයොගය ලබාගැනිමට එම කිරිපිටි සමාගමේ නිලධාරින් කටයුතු කර තිබුණි.

නුවරඑලිය අඹේවෙල ප්‍රදේශයේ පිහිටි දේශිය කිරිපිට කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කරනු ලබන සිමිත කිරිපිට පැකට් ප්‍රමාණයක් දිනපතා එම අලෙවි මධ්‍යස්ථානය තුලින් නුවරඑලිය ප්‍රදේශයේ පාරිභෝගිකයන්ට එක් කිරිපිටි පැකට්ටුව බැගින් නිකුත් කරනු ලබයි.

උදැසන එම කිරිපිටි අලෙවි මධ්‍යස්ථානය විවෘත කිරිමට ප්‍රථම නුවරඑලිය ප්‍රදේශයේ පාරිභෝගිකයන් විශාල පිරිසක් දිගු පොලිම් වල එම  මධ්‍යස්ථානය ඉදිරිපිට රැදි සිටි අතර, පෙව 10 ට පමණ කිරිපිටි බෙදා හැරිම ආරම්භ කර මද වේලාවකින් පසු නිරෝධායන උපදෙස් වලට පටහැනිව පාරිභෝගිකයන් පොලිම් වල රැදි සිටින නිසා නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයාගේ නියෝගයක් මත කිරිපිටි බෙදා හැරිම තාවකාලිකව නතර කර පසුව නුවරඑලිය පොලිසියේ නිලධාරින් එම ස්ථානයට කැදවා කිරිපිටි පැකට් බෙදා හැරිම ආපසු සිදු කිරිමට එම අලෙවි මධ්‍යස්ථානයේ නිලධාරින් කටයුතු කරනු ලැබුහ.

නුවරඑලිය ප්‍රදේශවාසින් කියා සිටින්නේ නුවරඑලිය ප්‍රදේශයේ උග්‍ර කිරිපිටි හිගයක් මේ දිනවල පවතින බවත්, දැනට බෙදා හරිනු ලබන දේශිය කිරිපිටි පැකට් නිසි ක්‍රමවේදයක් යටතේ බෙදා හැරිමට අවශ්‍යය කටයුතු කරන ලෙසයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

18,946 views

12 Comments to “කිරිපිටි ගන්න දීර්ඝ පෝලිම්.. පාලනයට පොලිසිය දමයි..”

  1. සබ්බේ ලබං... says:

    හැමෝම හිතුවේ මේ ආණ්ඩුව ආවාම ” සබ්බේ ලභං…” කියලයි..
    ඒත් සිද්ධ උනේ ” සබ්බේ ලබං… ” 😁😁😁

  2. 3% ට බය බයියා. says:

    හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් .වෙනස ෂැපද ………………

  3. Norata Eka says:

    අනේ පවු, හරක් පැටවු, කිරි නැතුව බඩගින්නෙ, පෝලිමේ….

  4. Silva says:

    දේශීය කිරිපිටි කර්මාන්තයට හොදයි. කිරි ගොවියාට, රටට, පාරිභෝගිකයාට ඔක්කොටම හොදයි. කොහොම හරි නීෂ්පාදනය වැඩි කර ගමු

    • Chandana says:

      ඔව්, ලක්ෂ හැටනමයක්ම “එල” හරක් ඉන්න රටකට මොකට රට කිරි ගේනවද? උඹල කොහොමහරි ට්‍රයි කරලා කිරි සහ කාබනික පොහොර නිශ්පාදනය වැඩි කරපල්ලා

  5. Scandinavium man says:

    Lankawe wage pisso gon ralak me mihipita natha

  6. Jayabima says:

    මගෙඅම්මේ, යූ ඇන් පී ආන්ඩුවක් එහෙම තියන කාලෙක මෙහෙම උනානම් බලන්ට තිබුනා විමලෙ ගම්මා ප්‍රමුඛ බයිසන්ලාගේ නාඩගං.

    • ගෞම් ඊයාරාජ් says:

      උන්ට කනට දීලා සයිඩ් ලයින් කරලා තියෙන්නේ , ඔන උනොත් කට්ට විසිකරලා සද්දයක් දෙකක් දම්මවයි. මොනා කරන්නද මතං තනියෙන් ඉල්ලලා පාර්ලීමේන්තුවට එන්න කියලද , අනික ඉතින් මතං ඇමෙරිකාවට දෙන්නෑනේ දෙන්නේ ඇමෙරිකන් සමාගම් වලට , චීනෙට විකුනන්නේ නැනේ , ආයෝජන , ඉන්දියාවට දෙන්නේ නෑනේ , දෙන්නේ භාරතයට , අර්ජුන් මහෙන්ද්‍රන් නැනේ , නම වෙනස් කරලා , හැබැයි බැසිල් ඇවිල්ලා කරපු එකම හොදේ මේ කාර්ඩ්බොර්ඩ් දේශප්‍රේමීන්ගේ රෙදී ඔලුවෙන් ගලොපූ එක. පව් නේද බන් ඇමෙරිකන් විරොදියො ටික. 😂😂😂😂

  7. පාවඩදෙණිය දොස්තර says:

    බයි ෆෙන්ස් ඩෝන්ට් පැනික් අපි ගෙදරදීම කිරි ටිකක් හදා ගමු වස්සො වැස්සියොම හැට නම ලක්සයක් ඕල්රෙඩි එක්සිස්ට්.

  8. Helaya says:

    ලංකා ඉතිහාසේ දුර්අවලම රාජ්‍ය පාලනය. අනේ අපේ රට. තව අවුරුදු 3ක් කෙසේනම් ඉවසම්ද?

    • Choon pan says:

      Ane Machang, true. Corona makabawa nisa kohatawath pana ganna vidhiyakuth na. Karume thamay. Hamathissema aliyata gahapu ewunuth medha paara me kalakanniyekuta dunnane. Thuk witharak. 🤮

  9. ගෞම් ඊයාරාජ් says:

    මේව්වා මේ හිගයන් හින්දා හැදෙන පෝලීම් නෙමේ , කිරිපිටි ශරිරයට අහිතකරයි , රට වැසියට තියෙන ආදරෙට එවැනි අහිතකර දේවල් ඈත් කරන්න ගහපු මාස්ටර් ප්ලෑන් මෙව්වා , අනික රටේ 69 ලක්ශයක ගව සම්පතක් තියාගෙන ඇයි අපි කිරිපිටි ආනයනයට ඩොලර් පුදන්නේ , රටේ ගවසම්පත යොදාගෙන හොද වෙළද සන්නාමයක් යටතේ කිරිපිටි , ස්ක්ම් මිල්ක් ,ෆ්‍රෙශ් මිල්ක් සේම මීහරක් ගෙන් ලබාගන්නා මීකීරී මුදවා , පිටරටට අපනයනයෙන් රටට ඩොලර් ගලා එන ප්‍රවාහයක් හදාගන්න පහසුවෙන්ම පුලුවන් , රටේ සිටින ගව සහ මී ගව සම්පත ලක්ශ 69 ට ආසන්න බැවින් , උන් නඩත්තූ කිරීමට වෑඩි බරපැනක් නොවුමනා බැවින් ,රටට හොද ආයොජනයක් වෙයි ,රට කිරියෙන් ස්වයංපෝෂිත වේවී.

Main News