කිරිපිටි මිලදී ගන්න දීර්ඝ පෝලිම්.. අයෙකුට පැකට් 01ක් පමණයි..

August 12, 2021 at 6:25 am | lanka C news
කිරිපිටි මිලදී ගන්න දීර්ඝ පෝලිම්.. අයෙකුට පැකට් 01ක් පමණයි..

අඹේවෙල හයිලන්ඩ්ස් කිරි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත හයිලන්ඩ් කිරි පැකට් මිල දි ගැනිමට නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට (11) නුවරඑලිය ප්‍රදේශවාසින් දිගු පොලිම් වල රැදි සිටින ආකාරයක් අප කැමරාවේ සටහන් විය.

නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පහල මහලේ හයිලන්ඩ් කිරි කර්මාන්ත ශාලාව මගින් පවත්වාගෙන යනු ලබන අලෙවිසැලෙන් කිරිපිටි පැකට් එකක් මිල දි ගැනිමටයි මෙසේ නුවරඑලිය ප්‍රදේශවාසින් දිගු පොලිම් වල රැදිසිටියේ.

වෙලදපොලේ වෙනත් වර්ගවල කිරිපිටි මිල දි ගැනිමට නොමැති නිසා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙ පිහිටුවා ඇති හයිලන්ඩ් අලෙවිසැලෙන් සතියකට වතාවක් නිකුත් කරනු ලබන කිරිපිටි පැකට් එක මිල දි ගැනිමට තමන් උදැසන සිටි පොලිම් වල රැදි සිටි බවයි කිරිපිටි මිල දි ගැනිමට පැමිණි නුවරඑලිය ප්‍රදේශයේ ජනතාව පැවසුවේ.

කිරිපිටි මිල දි ගැනිමට පැමිණි ප්‍රදේශවාසින් පාලනය කිරිමට පොලිස් නිලධාරින්ට සිදු විය.

අඹේවෙල කිරිපිටි කර්මාන්ත ශාලාවේ පිහිටි අලෙවි වෙලදසැල මේ දිනවල වසා දමා ඇත.

අඹේවෙල ප්‍රදේශවාසින් කියා සිටින්නේ එම කිරිපිට කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරනු ලබන කිරිපිටි තොග අයිස්ක්‍රිම් නිෂ්පාදනය සහ යෝගට් නිෂ්පාදනයට පාලන අධිකාරිය විසින් බෙදා හරින බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

36,513 views

21 Comments to “කිරිපිටි මිලදී ගන්න දීර්ඝ පෝලිම්.. අයෙකුට පැකට් 01ක් පමණයි..”

  1. Citizen says:

    How long can this situation continue? What exactly is the problem? No Dollars to import or Price Control ? There is no point trying to control the price of a commodity that is not available. ..

  2. වෙනිවැල් ගැට උදේම හිස්බඩ බොන්න says:

    පිටරට විස්කි බෝතලයක් බොන්නත් ආණ්ඩුවට බදු ගෙවන්න ඕනෑ.
    හොඳ වාහනයක් අරගන්නත් ආණ්ඩුවට බදු ගෙවන්න ඕනෑ.
    ඊ-බේ , ඇමසෝන් ඒගේ එකකින් දෙයක් ගෙනාවත් බදු.
    කිරිපිටි නෑ , ගෑස් නෑ .. ඉස්පිරිතාලෙක ඔක්සිජන් නෑ.
    නිදහසෙන් පස්සේ අයවැය කීයක් ගියාද ? දැඩි සත්කාර ඇඳන් කීයද ලංකාවටම තියෙන්නෙ ? මන්ත්‍රීලා ඇමැතිලා සල්ලිකාරයන් උනු එක විතරයි වෙලා තියෙන්නෙ ..

  3. sira says:

    70 ගණන් වල නම් පෝලිම් ආවේ රට හදන්න, ඒක ඉවසගන්න බැරිව මෝඩ සිංහලයට JR ට දීල කෙලවාගෙන තමයි අද මෙහෙම වෙලා තියෙන්නේ. අද පෝලිම් වල යන්නේ, දේශපාලුව රටේ සල්ලි හොරා කාල ඉවර උනහම රට ගෙනියාගන්න බැහැ සල්ලි නැතිව, උන්ගේ ආණ්ඩුව රැක ගන්න අද පෝලිම් වල යන්න වෙලා ඩොලර් රැකගෙන.

    • බිංකුණ්ඩා says:

      70 පෝලිම්වලින් රට කෙසේ වෙතත් ඒගොල්ල නම් හැදුනලු. මිනිස්සුන්ට පරිප්පු ඇටයක් දකින්නවත් නැති කාලෙ සමහර ඇමතිවරුන්ගෙ ගොවිපලවල්වල සත්තුන්ට දුන්නෙත් පරිප්පුලු. අපෙ සීයා මේ ගැන සෑහෙන්න විස්තර මා එක්ක කියල තියෙනව. දැනගන්න ඕන නම් කියන්න.

      • ARA says:

        සියා UNP කාරයෙක්ද … රටේ සම්පත් රැකුණේ …හැමතැනම වගාබිම් ඇතිකළේ …ගම්වල කිරිගවයන් හදන්න පටන්ගෙන.කිරි වලින් පෝෂිත උනේ ..ඒ කලේ කියල කියන්න අමතක වෙන්න ඇති…

        • බිංකුණ්ඩා says:

          ඔව් සීයට අමතක වෙලා කියන්න ඒ කාලෙ ඇති කරපු කිරි ගවයො තාම ඉන්නව කියල. මං සීයට කියන්නම් මට එකෙක් හම්බ උනා කියල.

  4. Shan says:

    Respect sir!

  5. Norata Eka says:

    මේ මොන පිස්සුවක්ද…එළකිරි අවශ්‍ය වසු පැටවුන්ට, මිනිසුන්ට නොවේ… මවු කිරි යනු ළදරු ආහාරයක්, වැඩුණු මිනිසුන්ට මවු කිරි අවශ්‍ය නම්, අපේ මවු වරුන්ට හැමදාම කිරි එරිය යුතුයි… මිනිස් වසු පැටවුනි, දැන් ඔබට මවු කිරි වැරීමට කාලය පැමිනිලා…

  6. Roshan says:

    වතුර බිබී හරි ගෙදරට වෙලා ඉන්නම් රට වහලා කොරෝනා පාලනය කරන්න කියලා කමෙන්ට් කොට කොට ලතෝනි දෙන උන් කිරිපිටි නැහැ කියලා යන නිව්ස් එකේ මිනිස්සු බඩගින්නේ මරවන්න හදනවා කියලා කමෙන්ට් කොටනවා……… 😂😂😂😂

  7. 3% ට බය බයියා. says:

    කිරි පිටි පෝලිම් පොකුරු ,ගෑස් පෝලිම් පොකුරු ,එන්නත් පෝලිම් පොකුරු නිර්මාණය කරමින් සිටින 🌷 ජයවේවා !

    • ගොන් ජෙප්පා says:

      අපේ බූරු පුතානෝ සර් ජනපති කරලා අනුර සහෝදරයා අගමැති කරන එක තමා අපේ එකම අරමුණ

  8. 70 ගනන් වල පාන් ගන්න සමුපකාරයේ බඩූ ගන්න බයිසිකලයකට ටයර් එකක් ගත්ත එහෙම තිබුණේ පෝලිම් නෙවෙයි පේලි වෙන්නැති

    • මාක්ස්වාදී ජෙප්පා says:

      ඔව් බන් ඒ ආන්ඩුවෙත් රාජපක්ෂල හිටිය

  9. Karunarathna says:

    චම්පිකගෙ පෝස්ට් වලට කමෙන්ට් කොටන්න හැංගිලා හිටපු බයියො සරම් උස්සන් ආවට මේ වගේ පෝස්ට් දැක්කම මීක් නෑ

  10. සාරුවාද සුනිල් says:

    දේශීය හයිලන්ඞ් කිරිපිටි ඕන තරම් තියනවා. මම ඊයේත් ගත්තා. අපේ මිනිස්සු පිටරට කිරිපිටි බොන්න පුරුදු වෙලා. ඒ කිරිපිටි වල සත්ව මේදය ඉවත් කරලා පාම් තෙල් එකතුකරලා අපි වගේ දුප්පත් රටවල් වලට කදු ගණන් අඩුවට විකුණනවා. අපේ රටේ මුදලාලිලා ලොකු නමක් දාලා, ලස්සන ඇඩ් හදලා, ලොකු ගානක් වියදම් කරලා මාකටින් කරහම ලනකාවේ කකුල් දෙකේ හරක් හිතනවා මේ බ්‍රෑන්ඩ් එක තමයි සුපිරිම කොලිටිම කියලා. කවදාවත් ගුණදායක හොඳ වසවිස නැති දෙයක් විකුණන්න දාගලන්න උඩපනින්න ඕන නැහැ.
    ඇත්තෙන්ම කුඩා ළමයින් ට ඇරුනම වැඩිහිටි අපිට එළකිරි අත්‍යවශ්‍යම නැහැ. ඒ වෙනුවට වෙනත් ආදේශක ඕන තරම් තියනවා.

Main News