කිරිපිටි මිලදී ගන්න දීර්ඝ පෝලිම්.. අයෙකුට පැකට් 01ක් පමණයි..

August 12, 2021 at 6:25 am | lanka C news
කිරිපිටි මිලදී ගන්න දීර්ඝ පෝලිම්.. අයෙකුට පැකට් 01ක් පමණයි..

අඹේවෙල හයිලන්ඩ්ස් කිරි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත හයිලන්ඩ් කිරි පැකට් මිල දි ගැනිමට නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට (11) නුවරඑලිය ප්‍රදේශවාසින් දිගු පොලිම් වල රැදි සිටින ආකාරයක් අප කැමරාවේ සටහන් විය.

නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පහල මහලේ හයිලන්ඩ් කිරි කර්මාන්ත ශාලාව මගින් පවත්වාගෙන යනු ලබන අලෙවිසැලෙන් කිරිපිටි පැකට් එකක් මිල දි ගැනිමටයි මෙසේ නුවරඑලිය ප්‍රදේශවාසින් දිගු පොලිම් වල රැදිසිටියේ.

වෙලදපොලේ වෙනත් වර්ගවල කිරිපිටි මිල දි ගැනිමට නොමැති නිසා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙ පිහිටුවා ඇති හයිලන්ඩ් අලෙවිසැලෙන් සතියකට වතාවක් නිකුත් කරනු ලබන කිරිපිටි පැකට් එක මිල දි ගැනිමට තමන් උදැසන සිටි පොලිම් වල රැදි සිටි බවයි කිරිපිටි මිල දි ගැනිමට පැමිණි නුවරඑලිය ප්‍රදේශයේ ජනතාව පැවසුවේ.

කිරිපිටි මිල දි ගැනිමට පැමිණි ප්‍රදේශවාසින් පාලනය කිරිමට පොලිස් නිලධාරින්ට සිදු විය.

අඹේවෙල කිරිපිටි කර්මාන්ත ශාලාවේ පිහිටි අලෙවි වෙලදසැල මේ දිනවල වසා දමා ඇත.

අඹේවෙල ප්‍රදේශවාසින් කියා සිටින්නේ එම කිරිපිට කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරනු ලබන කිරිපිටි තොග අයිස්ක්‍රිම් නිෂ්පාදනය සහ යෝගට් නිෂ්පාදනයට පාලන අධිකාරිය විසින් බෙදා හරින බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

36,513 views

21 Comments to “කිරිපිටි මිලදී ගන්න දීර්ඝ පෝලිම්.. අයෙකුට පැකට් 01ක් පමණයි..”

  1. Buddhi Jayasuriya says:

    Buddhi J—
    Soya Milk is a very good alternative to Cow Milk. It is very much cheaper & nutritious You can make it at home. The method of preparation is available on the internet.

  2. Felix says:

    Anyway, it may have a secret of “Kick Back’, I mean insider deal for this issue….. there is no doubt of it as this is the way most things work.

  3. sunimal says:

    මේ ලෝකයේ වැඩිහිටියෙක්ව කිරි බොන්නේද, අන් සතෙක්ගේ කිරි බොන්නේද, එකම එක සතෙක් පමණි. ඒ නම් මිනිස් සතාමය. කිසිම සතෙක් වැඩිහිටියෙක් වූ පසු කිරි බොන්නේ නැත.

  4. Justin says:

    Why we can milk the 69 Lakhs cattle who voted and solve the milk powder issue and give value to their wise vote.

  5. පිටරට කිරිපිටි මිල වැඩි කලොත් මැරෙන්න හදන, පිටරට කිරිපිටි හිග උනොත් තුන් වේලම බොන්නේ කිරි වාගේ මැරෙන්න හදන, අතේ සතේ නැහැ කිය කිය මැරෙන්න හදන පුදුම මිනිස්සු ඉන්න රටක් මේක.

Main News