කිරිපිටි මිල සුත්‍රය කැබිනෙට්ටුවේ අනුමතයි.. රුපියල් 60කින් මිල ඉහලට..
March 14, 2019 at 12:00 pm | lanka C news
ලෝක වෙලදපලේ කිරිපිටි මිල ගණන් අනුව මෙරට මිල ගණන්ද තීරණය වීම සදහා වන මිල සූත්‍රයකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
මෙම නව මිල සුත්‍රය අනුව කිරිපිටි කිලෝවක් රුපියල් 60කින් මිල වැඩිවනු ඇති බව වෙලදපල ආරංචි මාර්ග කියයි.
ඒ අනුව දැනට රුපියල් 860ක් වන කිරිපිටි කිලෝවත් රුපියල් 92ක් දක්වා ඉහල යනු ඇති බවත් දැනට රුපියල් 345ක් වන ග්‍රෑම් 400 පිටි පැකට්ටුවක් රුපියල් 370 දක්වාද ඉහල යනු ඇති බවත් වාර්තා වෙයි.
පාරිභෝගික අධිකාරියේ අනුමැතිය ලද පසු මිල සුත්‍රය ක්‍රියාත්මක වීමට නියමිතය.
උග්‍ර විස රසායනිකයන් එක්කල රට කිරිපිටි බොන මෝඩයෝ කවුද ??
තව වැඩි කරන්න ඕන ඔය මල ජරාව.එත කොට මිනිස්සු එල කිරි ටිකක් බොන්න පුරුදු වෙයිනෙ
මොනවා බිව්වත් නවසීලන්තයෙන්/ඕස්ට්‍රේලියාවෙන් එනවා අපිව රැකගන්නවා අපේ ළමයින්ට හරිම ආදරෙයි කියලා පාසල් වලට විත් බොරු බයිලා කරන ,ad වලට කෝටි ගණන් වියදම් කරලා ඒවාගේ වස නෑ කියල විද්‍යාඥයන් නොවන අපිට සල්ලි දීලා විද්‍යාඥයෝ ලවා කියවන සමාගම් වල කිරි මිලට ගන්න එපා අපේ දරුවන්ට වස පොවන්න එපා .රැවටෙන්න එපා.දියර කිරි බොන්න .මුලින්ම කෝප්ප කාලකට තේ දමා බොන්න පසුව ටිකෙන් ටික කෝප්ප බාගය දක්වා වැඩිකරගත හැක .දිනකට දෙවරකට වඩා බොන්න එපා .
කිරිපිටි බොනවානම් ලංකාවේ නිෂ්පාදිත කිරි පමණක් බොන්න
පොඩ්ඩක් හිතල බලන්න…..
ඕකෙන් වෙන්නේ ලංකාවේ දේශීය කිරි පිටි නිෂ්පාදනය වැඩිවෙලා පැල්වත්ත සහ හයිලන්ඩ් ධනපතියන් වෙන එකයි. ලංකාවේ ධනපත්යන් බිහි වෙන්න හොද නෑ.
ඉස්සර අපි දේශීය වියාපාර ගිනි තියලා වියාපාරිකයින් මරලා බොහොම අමාරුවෙන් ධනපති පන්තිය නැති කලේ. දැන් ආයෙත් ධනපති පන්තිය නැගිටින්න පටන් අරන්.
-අරගලය නැවතත් ඇරබීමට කාලය පැමිණ තිබේ.-
කාගෙද ලෝලා ආපු කෙනෙක් කොමන්ට් දාගෙන දාගෙන යනව
ඕස්ත්රේලියාවන් ගෙන්වන ආරිය කිරිපිටි හොදයි …
ඒත් ඒවා තියෙන තැනක් දන්නෙ නෑ
හොයා ගත්තා … මාරස්සන සුපර් ඒ කියන්නෙ තරංගා කඩේ තියෙනව ඕනෙ තරම් බඩු
හැම තැනකම කුණු අවුස්සන කපුට නොදන්නවා නම් අපිකොහොමද දන්නෙ