කිරිපිටි විශාල මිල වැඩි කිරීමක.. ග‍්‍රෑම් එකක් රුපියල් 2.50 පනී..

April 24, 2022 at 12:40 pm | lanka C news
කිරිපිටි විශාල මිල වැඩි කිරීමක.. ග‍්‍රෑම් එකක් රුපියල් 2.50 පනී..

ආනයනය කරන කිරිපිටි වල මිල වැඩි කිරීමට කිරි පිටි ආනයන සමාගම් තීරණය කර තිබේ.

මීට හේතුව වී ඇත්තේ ඩොලරයේ අගය ඉහළ යාම බව සමාගම් කියා සිටියි.

ඒ අනුව නව මිල තීරණය වන්නේ ඉදිරියේදී ලැබෙන කිරිපිටි සඳහා වන වියදම ගණනය කිරීමෙන් අනතුරුව බවද ඔවුන් සඳහන් කරයි.

දැනටමත් වෙළඳපොල තුළ ආනයනික කිරිපිටි තොග අවසන් වෙමින් පවතී.

මේ අතර ආරංචි මාර්ග වාර්තා කරන්නේ ග‍්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් දහස ඉක්මවනු ඇති බවත් කිලෝ එකේ කිරිපිටි පැකට්ටුවක් රුපියල් 2500 ඉක්මවනු ඇති බවත්ය.

දැනට ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 790ක් සහ කිලෝ එකේ පැකට්ටුවක් 1945 ක මිලකට අලෙවි කෙරෙයි.

84,209 views

22 Comments to “කිරිපිටි විශාල මිල වැඩි කිරීමක.. ග‍්‍රෑම් එකක් රුපියල් 2.50 පනී..”

  1. දකුම් says:

    ඉස්සෙල්ලාම කන බොන දේවල් ගනන් යනව. වේලක් කකා ඊලඟ වේල් දෙක නොකා හරි මිනිස්සු කොහොම හරි ගැලවෙනවා කියමුකො.
    ඩොලර් හිඟය නිසා බෙහෙත් වර්ග නැති වුනාම මොකද්ද කරන්නෙ..?
    හෘද රෝග…දියවැඩියා රෝගීන්… මේ අයට දිනපතා ඕන කරන බෙහෙත් නැති වුනාම මොකද්ද වෙන්නෙ…?
    ඔහෙලගෙ සවු බාගයේ දැක්ම හරීම…. උත්කෘෂ්ඨයි අප්පොච්චි! (නොදකිං 🤮)

    • රිලා says:

      සජිත්, අනුර දෙන්නාගෙන් කෙනෙක් ආවොත් එක රැයින් ඩොලර් පුරස්නේ ඉවරයි.

Main News