කිරිපිටි සමාගම් ලොක්කාගේ සැපරිය හුරුළු ඇලට පෙරලේ.. කුඹුක් සෙවෙනේ මිනිසුන් අතින් පණ බෙරේ…

March 4, 2017 at 12:40 pm | lanka C news
කිරිපිටි සමාගම් ලොක්කාගේ සැපරිය හුරුළු ඇලට පෙරලේ.. කුඹුක් සෙවෙනේ මිනිසුන් අතින් පණ බෙරේ…

දඹුල්ල-හබරණ ප්‍රධාන මාර්ගයේ  හිරිවඩුන්න ප්‍රදේශයේදී අද උදැසන මෝටර් රථයක් හුරුළු පෝෂිත ඇලට පෙරලීමෙන් එහි ගමන් ගත් එකම පවුලේ මව හා කුඩා දරුවන් දෙදෙනකු දඹුල්ල මුලික රෝහලට ඇතුලත් කර තිබේ.

කොළඹ සිට කාතන්කුඩි දක්වා  යමින් සිටියදී එහි රියදුරාට නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

මෝටර් රථය පදවා ගෙන පැමිණ ඇත්තේ අනතුරට පත් දරුවන්ගේ පියා විසිනි .ඔහු ප්‍රධාන පෙලේ කිරි පිටි සමාගමක ප්‍රදේශිය කළමනාකරුවෙක් බව පැවසේ. සති අන්තනිවාඩුවට නිවෙස් බලා යමින් සිටියදී රියදුරාට නින්දයාම නිසා මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබු කුඹුක් ගසක ගැටී ඇලට වැටි ඇත.

අණතුර සිදුවු සථානයට ආසන්නව (කුඹුක් සෙවන නමින් හදුන්වන) ආපන ශාලාවක් පවත්වා ගෙන යන පිරිස වහා මැදිහත්ව මෝටර් රථයේ සිරවී සිටි පිරිස වහ ඉවතට ගෙන් රෝහල් ගත කර තිබේ.එසේ නොවන්නට මහා අනතුරක් සිදුවන්නට ඉඩ තිබු බව  හබරණ පොලිසිය කියයි.

අනතුරින් වයස අවුරුදු 12 ක 09 ක පිරිමි දරුවන් දෙදෙනා හා ඔවුන්ගේ මව රෝහල් ගත කර තිබේ.ඔවුන්ගෙන් 12 හැවිරිදි දරුවාට බරපතල තුවාල සිදුව ඇති අනෙක් දෙදෙනා සුළු තුවාල ලබා ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසිය.

හබරණ පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

මහින්ද උදයසිරි
දඹුල්ල

15 views

One Comment to “කිරිපිටි සමාගම් ලොක්කාගේ සැපරිය හුරුළු ඇලට පෙරලේ.. කුඹුක් සෙවෙනේ මිනිසුන් අතින් පණ බෙරේ…”

  1. att says:

    What happened to the driver?

Main News