අයිස්ක්‍රිම් හදන බාල කිරිපිටි වෙලදපොලට…

September 7, 2021 at 5:30 pm | lanka C news
අයිස්ක්‍රිම් හදන බාල කිරිපිටි වෙලදපොලට…

අයිස්ක්‍රිම් නිෂ්පාදනය සදහා ඇතැම් අයිස්ක්‍රිම් නිෂ්පාදන සමාගම් විසින් භාවිතා කරනු ලබන ප්‍රමිතියෙන් තොර කිරිපිටි මේ දිනවල වතුකරයේ ප්‍රධාන නගරවල ඇතැම් ව්‍යාපාරිකයන් විසින් අධික මිලට අලෙවි කරන බවට පාරිභෝගිකයන් පවසයි.

වෙලදපොලේ දැනට පවතින කිරිපිටි හිගයත් සමග අයිස්ක්‍රිම් නිෂ්පාදනය සදහා භාවිතා කරනු ලබන ප්‍රමිතියෙන් තොර එම කිරිපිටි ග්‍රැම් සහ කිලෝ ප්‍රමාණයට කිසිදු නිෂ්පාදිත ආයතනයක නමක් සහ නිෂ්පාදිත හෝ කල් ඉකුත්විමේ දිනක් නොමැතිව පොලිතින් පැකට් වල අසුරා අලෙවි කරන බවයි පාරිභෝගිකයන් කියා සිටින්නේ.

මෙම කිරිපිටි සම්බන්ධයෙන් අප මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගෙන් කල විමසුමකට ඔහුන් කියා සිටියේ ලේබල් රෙගුලාසි උල්ලංඝනය කරමින් ව්‍යාපාරිකයන්ට කිරිපිටි අලෙවි කල නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් තම කාර්යාල වෙත පැමිණිලි කරන ලෙසද මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

23,714 views

3 Comments to “අයිස්ක්‍රිම් හදන බාල කිරිපිටි වෙලදපොලට…”

  1. Norata Eka says:

    හොද වැඩේ, ඔහොම වෙලා මදි, අසරණ දරුවකුගේ උපන් අයිතිය උදුරා ගන්නවාට..

  2. Kaum siri says:

    එතකොට අයිස්ක්‍රීම් කියන්නෙ පුන්නක්කු වගේ ගවයින්ට දෙන ඒවා වෙන්නැති. මෙවන් ගවයන් අප රටට සදා වාසානාවන්!

  3. ඔක්සිජන් කන්නද ශාන්ත says:

    ලංකාවේ අයිසික්‍රීම් කන හරක් ට හොඳ වැඩේ. දේශීය නිෂ්පාදන කියලා කන්නේ ම කුණු ගොඩවල්.
    අයිස්ක්‍රීම් වගේ දේවල් ඕස්ට්‍රේලියා, ස්විස්ටර්ලන්ත ය වගේ රටවල් වලින් ආනයනය කරන්න ඕන රටේ ජනතාව ගැන හිතලා.

Main News