කිරිල්ලී යලිත් යන්න බෑ කියයි.. රූපවාහිණිය නොසන්සුන්.. ශ්‍රි ලංකා රූපවාහිණි සංස්ථාව අධි ආරක්ෂිත කළාපයක් වෙයි..
September 9, 2019 at 12:00 pm | lanka C news
ඇමති රුවන් විජේවර්ධන මහතා අලුතින් පත් කල කැළුම් පාලිත මහීරත්න මහතා සභාපති පුටුවේ වාඩි කරවීම සදහා පැමිණෙන බවට ලැබුණු ආරංචියක් අනුව සභාපතිණි ඉනෝකා සත්‍යාංගනී මහත්මිය විසින් අද උදෑසන සිට රූපවාහිනී සංස්ථාවේ ආරක්ෂක විධිවිධාන තර කර තිබේ. මේ සදහා ආරක්ෂකයන්ද කැදවා ඇතැයි වාර්තා වේ.
මේ වන විට කිසිවෙකුට රූපවාහිනී සංස්ථාවට ඇතුලත්වීම හා පිටවීම තහනම් කර ඇති අතර මේ වනවිට රූපවාහිනී සංස්ථාව තුල දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති ව තිබෙන බව එහි සේවකයෝ කියති.
ශ්‍රී ලංකා රූපවාහිණි සංස්ථාවේ සභාපතිවරිය ලෙස ඉනෝකා සත්‍යාංගනී මහත්මිය සිටියදී අවස්ථාදෙකකදී නව සභාපතිවරුන් දෙදෙනෙකු මේ වන විට පත්කර ඇතත් ඉනෝකා සත්‍යාංගනී මහත්මිය තනතුරින් ඉවත්වීම ප්‍රතික්ෂේප කර ඇත.
– Repoter