කිරි එලදෙනකගේ කකුල් වෙන් වෙන්නම කපයි…

August 14, 2022 at 12:40 pm | lanka C news
කිරි එලදෙනකගේ කකුල් වෙන් වෙන්නම කපයි…

යාපනය වඩුක්කොඩ්ඩෙයි පොලිස් වසමට අයත් මූලායි මුන්කොඩෙයි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට අයත් කිරි එලදෙනකගේ පාදයක් වෙන්වන සේ කිසියම් පුද්ගලයෙකු විසින් කපා දමා ඇතැයි ඊයේ (13) දින පැමිණිළි ලැබී ඇතැයි පොලීසිය පවසයි.

මුන්කොඩෙයි ප්‍රදේශයේ පිහිටි තණකොළ පිට්ටනියක තණකොළ කෑම සඳහා එළදෙනගේ හිමිකරු විසින් පිට්ටනියට මුදාහැර ඇති අවස්ථාවේදී කිසියම් පුද්ගලයෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කොට ඇති අතර කිසියම් තියුණු ආයුධයකින් පාදවලට පහරදීමෙන් එක් කකුලක් වෙන්ව කැපී අනෙක් පාදයට බරපතල තුවාල සිදුව ඇතැයිද වාර්ථා වෙයි.

ගවයාට පහරදීමෙන් පසුව ගවයා බිම වැටී සිටිනු දැක ගවහිමියා විසින් ගවයා ගෙවත්තට රැගෙන ගොස් ආහාරපානාදිය ලබාදුන්නද කිරි එලදෙන ආහාර නොගැනීම හේතුවෙන් මරනාසන්නව සිටින බවටද ගවහිමියා විසින් පොලීසියට පැමිණිලි කොට ඇත.

අනතුරුව අදාල ගවයා පරික්ෂා කිරීම සඳහා පොලීසිය සහ පශුවෛද්‍යවරයෙකු ඇතුලු පිරිසක් ගොස් ගවයාට ප්‍රතිකාර කිරීමට පියවර ගත් අතර අදාල ප්‍රහාරය එල්ල කල පිරිස් සොයා පරික්ෂණයක් අරඹා ඇතැයිද වඩුක්කොඩ්ඩෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

28,515 views

5 Comments to “කිරි එලදෙනකගේ කකුල් වෙන් වෙන්නම කපයි…”

  1. D P P Prasad says:

    We should strongly condemn these kind of relentless and barbarous acts which are committed by the human beasts. The cows are like our mothers. They are providing the milk despite the age,cast richness and poverty and social factors of the people.Just after the leg amputation any animal dies due to the severe bleeding Thus we cannot believe that there is an opportunity to save its life by the veterinary surgeons.However the culprits should be prosecuted and furnished

  2. Nirvana says:

    The one who did this should face karma.get a huge accident and lose his both arms and live the rest of his life in pain

  3. RITIGALA says:

    minis le balanna mola hodala inna un thawamath innawa

  4. aanamaduwe maanavadu says:

    thopi suruttuwo maranne minissunvai. ekakorala minissunge le balaagena sathutuwenavaa. namuth api muslims
    umbalavage paw koranne neheban. api maranne eladenage than dekai baduwai vitharai. kakuldeka kepuwe
    honda soup ekak daagannataiban. onenam waren gewal peththe, dennam thota elaharak muthraa pochchiyak.

  5. HK says:

    මේ තමා මිනීමරු කොටි කල්ලියේ සාමාජික යන් ලෝකය දකින විදිය. මායිම් ගම්මාන වලට කඩා පැනලා ලමයින් අමු අමුවේ ඝාතනය කරපු උන්ට මේවා සුලු දෙයක්.

Main News