කිරි ගොවීන් ව්‍යාජ කිරි සමාගමකට රැවටිලා…
November 30, 2018 at 8:02 am | lanka C news
යාපනය උඩුවිල්හි පාරම්පරික කිරි ගොවීන් රැසක් ව්‍යාජ කිරි සමාගමකින් බාල කිරි දෙනුන් අධික මිලකට ලබා දීම නිසා එම ගොවීන් ගැටලු රැසකට මුහුණ පා ඇති බවට කිරි ගොවීහු කියා සිටිති.
උඩුවිල් කිරි නිපදවන්නන්ගේ සංගමයේ එස්. මුරුගානන්දන් මහතා කියා සිටියේ තම ප්‍රදේශයේ කිරි ගොවීන් සතියකට කිරි ලීටර් 3800ත් 4300 ත් අතර ප්‍රමාණයක් කිරි දෙනුන්ගෙන් ලබා ගත් බවටත් ඒ අතර තුර එක්තරා සමාගමකින් පැමිණ උඩුවිල්හි ගොවීන් රවටා එම කිරි ලීටර් ප්‍රමාණය සතියකට ලීටර් 11,000 ක් දක්වා වැඩි කර ගැනීමට අවශ්‍ය කිරි දෙනුන් ලබා දීමට හැකි බවටත් ගොවීන්ගේ විශ්වාශය වැඩි වීමට වීඩියෝ දර්ශන පවා පෙන්වා ඇති බවටයි.
මේ හේතුව නිසා උඩුවිල්හි ගොවීන් රැසක් තමන්ට මෙතෙක් සිටි ගවයින් ඇතුලු කිරි දෙනුන් විකුණා රුපියල් 90,000 ක් වැනි අධික මිලකට අදාල කිරි සමාගමෙන් කිරි ගවයින් මිලදී ගෙන ඇති නමුත් එම ගවයින්ගෙන් මේ වන විට මුලන් ගොවීන්ට සිටි කිරි දෙනුන්ගෙන් ලැබුනු කිරි ලීටර් ප්‍රමාණයවත් ලබා ගැනීමට නෙහැකි තත්වයක් උද්ගතව ඇති වීමෙන් කිරි ගොවීන් දැඩි අපහසුතාවයන්ට පත්ව සිටින බවටද සභාපති වරයා කියා සිටියේය.
මේ පිළිබඳව කිරි ගොවීන් විසින් අදාල කිරි සමාගමට දැනුම් දීමෙන් පසුව එම සමාගමෙන් පවසා ඇත්තේ එම චෝදනාව පිළිගත නොහැකි බවටත් ඉතා ඉක්මනින් ඒ පිළිබඳව සොයා බැලීමට යාපනයට පැමිණෙන බවටයි.
නමුත් උඩුවිල් කිරි සංගමේ සභාපති වරයා කියා සිටන්නේ මේ වන තුරුත් අදාල සමාගමේ කිසිවෙකුත් පැමිණ පරික්ෂාවක් නොකළ හෙයින් ඉදිරියේදී අදාල කිරි සමාගමට එරෙහිව නඩු මගට පිවිසෙන බවටයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Kamak na kiri nathi wunata. Mahinda aga mathi ne
ඒ කාලේ පශූ සමීපත් හිටිය……. තොන්ඩට……………… ඇන්කර් සමාගමෙන්……………. රැපි 2ක් දෙනවා…. එක ඇන්කර් පැකටී එකකින්……… ඔහුට තියෙන රාජකාරිය…… ඒකාලේ කිරි ගොවින් නගා සිටුවන්න තහනමී………. ඒ වාගේ වැඩක් මෙිකත්