කිලනොච්චි දොස්තර සතුව අවි ගබඩාවක්.. ගිනි අවි, බෝම්බ, පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගනී..
August 27, 2019 at 12:00 pm | lanka C news
දැනට අත්අඩංගුවේ පසුවන කිලිනොච්චිය පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍යවරයාගේ අනාවරණයකට අනුව පලෙයි කරණ්ඩිය ප්‍රදේශයේ සඟවා තිබූ බෝම්බ, පුපුරණ ද්‍රව්‍ය හා ගිනිඅවි ඇතුලු යුද උපකරණ රැසක් ඊයේ (26) සවස සොයාගත් බවට යාපනය ත්‍රස්ත විමර්ශන ඒකකය කියා සිටියි.
පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය සින්නයියා සිවරූබන් පසුගිය 18 වනදා කොළඹ ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන යාපනය ත්‍රස්ත විමර්ශන ඒකකයේ තබා රඳවාගෙන වැඩිදුර ප්‍රශ්ණ කිරීම් සිදු කොට ඇති අතර එහිදී ත්‍රස්ත විමර්ශන නිලධාරීන්ගේ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් මෙම යුද උපකරණ පිළිබඳව අනාවරණය කොට ඇත.
එහිදී අදාල යුද උපකරණ සොයා විමර්ශනය කළ ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පලෙයි පොලිස් වසමේ කරණ්ඩිය ප්‍රදේශයේ සඟවා තිබූ යුද උපකරණ රැසක් සොයාගෙන ඇත.
එහිදී ඒ.කේ.47 වර්ගයේ ගිනිඅවියක්, මැගසින් දෙකක්, අත්බෝම්බ 11ක්, පී.ඊ. වර්ගයේ බවට සැකකෙරෙන පුපුරණද්‍රව්‍ය කිලෝ 10ක්, පතුරම් 120ක්, දුැරදක්නයක් ඇතුලු තවත් යුද උපකරණ රැසක් තිබූ සොයාගෙන ඇත.
මේ අනුව අදාල යුද උඵකරණ තොගය එම ස්ථානයෙ සඟවා තැබූ පුද්ගලයින් සමබන්ධයෙන් හා එම යුද උපකරණ ලැබුනු ආකාරය පිළිබඳවද යාපනය ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් විමර්ශනයක් අරඹා ඇති අතරම අත්අඩංගුවේ සිටින අධිකරණ වෛද්‍ය වරයාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමටද ත්‍රස්ත විමර්ශන නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
මේ ගෝටාභයගේ සපෝට් එකට බොරු ආයුධ දාලා අහින්සක දොස්තර කෙනෙක් අත් අඩන්ගුවට ගැනීමක්. අපි සහතික කරලා කියනවා රටේ ආරක්ශාවට කිසිම තර්ජනයක් නෑ.
ඔව් රතු බලකාය හොදට දන්නව ඇති මේ ගැන මොකද මේ අයගෙ නායක රතු අලි සහෝදරය කන්නෙ බොන්නෙ යන්නෙ එන්නෙ ඔක්කොම ටී එන් ඒ එක්කනෙ.
E hada sakkili gon amanayekugeni.
We have bad experiences of ignoring and taking security threats lightly for political reasons during the recent past with grave consequences. Do not repeat these mistakes.
is this another safi.
was he a witness to a crime.
No this is another Badudeen Bulla
රතු බලකාය කියාගෙන ඉන්න ජෙවිපි යුඑන්පි අම්බරුවො තමයි සහරාන්ගෙ බෝම්බ වලටත් වග කිව යුතු වන්නෙ ..සම්පුර්ණ විස්තර දැනගෙනත් සහරාන් ඇල්ලුවේ නැත්තෙ රෙද්දෙ සංහිඳියාව කියන එක මුන්ගෙ දේශපාලන වාසියට හරවගෙන හිටිය නිසා ..විලිලැජ්ජැවක් නැතුව තවත් එනව කාපු බොම්බ මදිවට ආරක්ෂාව හොදයි කියාගෙන..හිටපල්ල තව මාස 3 අපි ගෝටාභය ජනාධිපති කරල මේ රට රැක ගන්නවා
Gota , election marketing..
උතුර ආරක්ෂාව පොලිසියට නොදී හමුදාවට බාරදිය යුතුය