ගංවතුරින් උතුරේ 44959 ක් විපතට.. A-9 ඇතුලු මාර්ග රැසක් යටවෙයි..

December 23, 2018 at 12:00 pm | lanka C news
ගංවතුරින් උතුරේ 44959 ක් විපතට.. A-9 ඇතුලු මාර්ග රැසක් යටවෙයි..

උතුරු ප්‍රදේශයට බලපෑ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්වය නිසා උතුරේ පවුල් 13,646 කට අයත් පුද්ගලයින් 44959 දෙනෙකු විපතට පත්ව ඇති අතර නිවාසද 151 කට හානි සිදුව ඇති බවට ජාතික ආපදා කලමනාකරන ඒකකයේ වාර්ථා අනුව පෙන්වා දෙයි.

මේ අනුව විපතට පත් වැසියන්ගෙන් පවුල් 2666 කට අයත් පුද්ගලයින් 8539 දෙනෙකු ආරක්ෂිත කඳවුරු 52 ක් රඳවා සිටින බවටද ආපදා කලමනාකරන ඒකකය විසින් පෙන්වා දෙයි.

මේ අනුව වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ කිලිනොච්චිය දිස්ත්‍රීක්කය වන අතර එහි කරච්චි, කණ්ඩාවලෙයි සහ පච්චිලෙයිපල්ලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පවුල් 9475 කට අයත් 31,234 දෙනෙකු විපතට පත්ව ඇති අතර එහිදී නිවාස 148 කට හානි සිදු වී විපතට පත පවුල් 1394 කට අයත් පුද්ගලයින් 4649 දෙනෙකු ආරක්ෂිත කඳවුරු 26 ක රඳවා ඇත.

උතුරු පලාතෙන් දෙවනුව වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ මුලතිව් දිස්ත්‍රීක්කයේ වන අතර එහිදී ඔඩ්ඩුසුඩාන්, පුදුකුඩිඉරිප්පු, තුනුක්කායි, මැරටියන්පත්තු, මාන්තෙයි නැගෙනහිර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි 3794 කට අයත් පුද්ගලයින් 12,651 දෙනෙකු විපතට පත්ව ඇති අතර ආරක්ෂිත කඳවුරු 25 කදී පවුල් 1240 කට අයත් පුද්ගලයින් 3805 දෙනෙකු රඳවා ඇති බවට ආපදා කලමනාකරන ඒකකය පෙන්වා දෙයි.

අනතරුව මන්නාරම් නගරයේ සහ නානාට්ටාන් ප්‍රදේශයන්හි පවුල් 27 කට අයත් පුද්ගලයින් 85 දෙනෙකුද වව්නියාව දිස්ත්‍රීක්කයේ පවුල් 77 කට අයත් පුද්ගලයින් 281 දෙනෙකුද යාපනය දිස්ත්‍රීක්කයේ මරදන්කේනි ප්‍රදේශයේ 273 කට අයත් පුද්ගලයින් 708 දෙනෙකුද විපතට පත්ව ඇති බවට ආපදාකලමනාකරන ඒකකය විසින් පෙනවා දෙයි.

මේ අතර මුලතිව් ත්‍රීකුණාමලය ප්‍රධාන මාර්ගයේ වැලිඔම සපත්තුපාලම ආසන්නයේදී ගංවතුර හේතුවෙන් මාර්ගය වැසී ඇති අතර ගමනාගමන කටයුතුද සම්පූරණයෙන්ම නැවති ඇත.

විපතට පත්වූ වැසියන් වෙනුවෙන් මුලතිව්හා කිලිනොච්ිය ආරක්ෂක සේනා මූලස්ථානයන්හි යුද හමුදා සෙබලුන් සහ නාවික හමුදාව විසින් විපතට පත් වැසියන් බොට්ටුද යොදාගනිමින් බේරාගැනීමේ කටයුතු වල නිරත වන අතරම විපතට පත් වැසියන් වෙනුවෙන් ආහාර ඇතුලු අනෙකුත් පහසුකම් ලබා දෙමින් සිටිති.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට පවුල් 1347 කට අයත් පුද්ගලයින් 4633 දෙනෙකු විපතට පත්ව ඇති අතර ඉරණමඩු ජලාශය වාන්දැමීමත් වැව් දෙකක් කැඩී යාමත් නිසා ඒ-9 මාර්ගය ඇතුලු මාර්ග රැසක් ජලයෙන් යටවීම නිසා ගමනාගමනය අඩාල වී අති බවටද ආපදාකලමානකරන ඒකකය කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

25 views

3 Comments to “ගංවතුරින් උතුරේ 44959 ක් විපතට.. A-9 ඇතුලු මාර්ග රැසක් යටවෙයි..”

  1. david milibanda says:

    Ane paw.
    Namuth Deiyoth kupithawela mung ekka.
    Munta kochchara keruwath wedak nehe.
    Dan uthure aemathiya owa bala gani.

  2. buruputha says:

    Palamuwa anathavu sahodara demala janathavata mage duka prakasha karanava. Mevani deval siduvenne demala janaya niuojanaya karamin parliament ekata avith Inna Sumanthiran,Sambanthan vani avalan deshapaluvan thamage ratata Karana vinashaya nisa. Un karanne ahasa polova uhulanne nathi apsradha. Evata vandi gevane duppath demala janaya.

  3. sinha le says:

    ෆෙඩරල් ඉල්ලන මුන්ට තව මදි

Main News