කිලිනොච්චියට බලපෑ ගංවතුරට ඉරණමඩු ජලාශය බලපෑවේදැයි වාර්තාවක්..
February 15, 2019 at 2:01 am | lanka C news
කිලිනොච්චිය ප්රදේශයට පසුගිය දෙසැම්බර් මස ඇති වු මහා ජලගැලීම්වලට ඉරණමඩු ජලාශය බලපා ඇතිද යන්න සොයා බැලීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පත්කළ කමිටුවේ මූලික වාර්තාව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතා වෙත භාර දෙනු ලැබීය.
උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පත්කළ කමිටුවේ සභාපති වන ඉංජිනේරු එස්.රගුනාදන් මහතා විසින් අදාළ වාර්තාව උතුරු පළාත් ආණ්ඩුකාර වෙත මෙසේ භාර දෙනු ලැබීය.
පසුගිය දෙසැම්බර් මස කිලිනොච්චිය හා මුලතිව් ප්රදේශයට ඇති වූ ජල ගැලීම් හේතුවෙන් පවුල් 180,000 කට අදාළ පිරිසක් පීඩාවට ලක්වු අතර, වගාබිම් රැසක්ද විනාශයට පත්විය.
ජල ගැලීම්වලට ඉරණමඩු ජලාශය සංවර්ධනය කොට පුළුල් කිරීම බලපෑ බවට ජල ගැලීම් ඇති වූ අවස්ථාවේ විවධ චෝදනා ඇතිවීම හේතුවෙන් අදාළ කාරණා සම්බන්ධයෙන් සොයා බැලීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් කමිටුවක් පත්කරනු ලැබීය.
කමිටු වාර්ථාව ලබා දෙන අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් එන්.ඉලන්ගෝවන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ