කිලිනොච්චියට සුළි කුණාටුවක්.. නිවාස ගණනකට දැඩි හානි..
March 21, 2021 at 5:30 pm | lanka C news
කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ආනන්ද පුරම් ප්‍රදේශයට ඊයේ (20) දින බලපෑ සුලි කුණාටු තත්වයක් හේතුවෙන් නිවාස කිහිපයකට හානි සිදුව ඇති බවට කිලිනොච්චිය ආපදාකලමණාකරන ඒකකය පැවසීය.
ආනන්දපුරම් නැගෙනහිර ප්‍රදේශයට ඊයේ දින සවසපැවති වැසිබර කාලගුණයත් සමග බලපෑ සුලිසුලං තත්වයක් හේතුවෙන් ප්‍රදේශයේ නිවාස දෙකකට දැඩි හානි සිදුව ඇති අතර තවත් නිවාස තුනකට පමණ අර් ධ හානි සිදුව ඇතයි අපදාකලමනාකරන නිලධාරීන් පැවසූහ.
සුලිසුලං හේතුවෙන් පුද්ගල හානි කිසිවක් වාර් ථා වී නොමැති අතර සුලි කුණාටුව පැවති අවස්ථාවේදී අදාල නිවෙස්හි සිටි ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ගොස් ඇත.
සුලි කුණාටු තත්වය හේතුවෙන් හානි සිදු වූ නිවාස සොයා බලා අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගෙන ඇති බවටද කිලිනොච්චිය ආපදා කලමනාකරන ඒකකය වැඩි දුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ඔන්න ජිනීවා යෝජනාව පරාදයි…..ශ්‍රී ලංකා ආන්ඩුව උතුරෙ ජනතාවට සුලි සුලං එවා මානව හිමිකම් කඩ කරයි
TNA, Sumanthiran, Sritharan & Vigneshwaran must be busy doing relief supply while triforces & police are in Colombo