කිලිනොච්චියෙන් පතුරම් ලක්ෂ දෙකකට ආසන්න තොගයක් හමුවේ..

December 17, 2021 at 5:30 pm | lanka C news
කිලිනොච්චියෙන් පතුරම් ලක්ෂ දෙකකට ආසන්න තොගයක් හමුවේ..

කිලිනොච්චිය කොරක්කන්කටු ප්‍රදේශයේ පිහිටි ඉඩමක වලදමා තිබියදී සොයාගත් ටී.56 පතුරම් හමු වූ ස්ථානයේ සිදුකල කැනීම් අවසන් වී ඇති අතර ටී.56 පතුරම් 187,559 ක් ඇතුලු තවත් පතුරම් තොගයක් හමු වූ බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

තෙවැනි දිනටත් ඊයේ (16) දිනයේදී කැනීම් සිදුකොට කැනීම් කටයුතු අවසන් කල අතර කැනීම් අවසානයේදී එම ස්ථානයේ තිබී ටී.56 පතුරම් 187,559 ක් , එම්.ජී.එම්.ජී පතුරම් 2400ක් සහ එම්.16 පතුරම් 800 ක් බැගින් හමු වූ බවට කැනීම් කටයුතු සඳහා සහය ලබාදෙන කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර පවසයි.

එහිදී සිදුකරන ලද කැනීම් වලදී පතුරම් පෙට්ටි 145ක් සොයාගත් අතර එක් පතුරම් පෙට්ටියක ටී.56 උණ්ඩ 750 බැගින් ගබඩා කොට ඇති අතරම එම පෙට්ටිවල පතුරම් 108,750ක ප්‍රමාණයක් සොයාගත් අතර පෙට්ටි වලට අමතරව පිටතින් වලදමා තිබූ තවත් ටී.56 පතුරම් 78,809 ක් තිබී සොයාගත් බවටද පොලීසිය පැවසීය.

පසුගිය 13 වනදා අම ස්ථානයේ ඉදිකිරීමක් සඳහා ඉඩම් හිමියා විසින් අත්තිවාරමක් කපන අවස්ථාවේදී එහි තිබී පතුරම් පෙට්ටියක් හමුවීමෙන් අනතුරුව පොලීසියට සිදුකරන ලද දැනුම් දීමකින් එම ස්ථානයේ තිබී ටී.56 පතුරම් 1500 ක් සොයාගත් අතර පසුව පොලීසිය විසින් එම ස්ථානයේ වැඩිදුර කැනීම් සඳහා කිලිනොච්චිය අධිකරණයට දැනුම් දී අධිකරණ නියෝගයකට අනුව ඊයේ 15   දා  16 දින එම ස්ථානයේ වැඩිදුර කැනීම් සිදුකරනු ලැබීය.

යුද සමයේදී කොටි සංවිධානය විසින් මතු ප්‍රයෝජනයන් සඳහා අදාල ස්තානයේදී පතුරම් ගබඩාවක් වශයෙන් යොදාගෙන වලදමන්නට ඇති බවටත් අධිකරණ නියෝගයන්ට අනුව කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකායේද සහය ඇතිව නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇතැයිද පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

20,607 views

5 Comments to “කිලිනොච්චියෙන් පතුරම් ලක්ෂ දෙකකට ආසන්න තොගයක් හමුවේ..”

  1. LION says:

    මේවා රටට ගෙනාවේ වැඩියක් කොළ පාට රට පාලනය කරපු කාලයේදී

  2. සවි අරික්කාල says:

    මොකෝ..,? ඡන්දේ ලගයි වගේ….

  3. Saleem says:

    ඊළග ඡන්දය දිනල රටේ ඉතුරු ටිකටත් කෙලවන ප්ලෑන දැන්ම පටං අරගෙන. පාස්කුව අතේ පත්තු වුන හින්දා තම්බිලගෙ නමින්
    මොනවහරි කළොත් නෝන්ඩි නිසා කොටි බයක් නිර්මාණය කරන්න අරං. කැවුම් කන මෝඩයො රවට්ටන්න ලේසි ජාතිවාදය නැත්තම් ජාතික ආරක්ෂාව නාඩගමෙන් කියල රාජෆක්සල හොඳට දන්නවා

  4. MD says:

    මහවිරු සැමරුම් කියලා ඵකකුත් තියෙනවනේ.🤣🤣🤣🤣🤣🤣🤣🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂

  5. කුකුලා says:

    කොටියන්ට උදව් කරපු රට කුමක්දැයි ඔය පතුරම් පෙට්ටි වලින් හොයන්න පුලුවන්. කොස්ගම ආයුද ගබඩාව පුපුරුවා හැරියෙත් අහවල් රට කොටි කල්ලියට දීපු ආයුද ගැන ප්‍රසිද්ධ වෙන නිසා බවයි වාර්තා වල තිබුණේ .

Main News