කිලිනොච්චියෙන් පුපුරණද්‍රව්‍ය හා අවි ආයුධ රැසක් හමුදාවෙන් සොයා ගනී..

May 8, 2019 at 6:48 pm | lanka C news
කිලිනොච්චියෙන් පුපුරණද්‍රව්‍ය හා අවි ආයුධ රැසක් හමුදාවෙන් සොයා ගනී..

කිලිනෝචිය මුක්කම්පන් ප්‍රදේශයේදී යුද හමුදාවෙන් සිදු කරන ලද විශේෂ සෝදිසියකදී පුපුරණද්‍රව්‍ය හා යුද උපකරණ රැසක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහතාගේ උපදෙස් පරිදි 20 වන ශ්‍රීලංකා රෙජිමේන්තුවේ සෙබලුන් විසින් විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළ අතර එහිදී නිවසක ගෙවත්තක සඟවා තිබී පුපුරණද්‍රව්‍ය හා යුද උපකරණ තොගය හමු වී ඇත.

මේ අනුව ගන් පවුඩර් වර්ගයේ පුපුරණද්‍රව්‍ය ග්‍රෑම් 50ක්, ගිනි අවියක බඳ කොටස් 09ක්, කොටන තුවක්කුවක්, කඩු දෙකක්, බඳින කඳන් එකක්, යකඩ බට කොටසක්, ටී.56 පතුරම් 15ක්, යතුරු පැදියක්, මිලිමීටර් 120 වර්ගයේ මෝටාර් උණ්ඩ ෆියුස් එකක්, ආර්.පී.ජී. උණ්ඩයක් සහ ජංගම දුරකතනයක් මෙසේ සොයාගත් දෑ අතර වෙයි.

අත්අඩංගුවට ගත් පුපුදරණද්‍රව්‍ය හා සැකකරු වැඩි දුර පරික්ෂණ කටයුතු සඳහා කිලිනොච්චිය පොලීසිය වෙතට භාර දීමට පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

31 views

One Comment to “කිලිනොච්චියෙන් පුපුරණද්‍රව්‍ය හා අවි ආයුධ රැසක් හමුදාවෙන් සොයා ගනී..”

  1. Gorilla says:

    Guys call 113 for army. 119 is very slow

Main News