කිලිනොච්චියෙන් පුපුරණද්‍රව්‍ය කිලෝ 4 ග්‍රෑම් 500 ක් අත්අඩංගුවට…

June 23, 2020 at 2:02 am | lanka C news
කිලිනොච්චියෙන් පුපුරණද්‍රව්‍ය කිලෝ 4 ග්‍රෑම් 500 ක් අත්අඩංගුවට…

කිලිනොච්චිය පලෙයි වෙම්බඩිකේලි ප්‍රදේශයේ ටී.එන්.ටී. වර්ගයේ පුපුරණද්‍රව්‍ය කිලෝ 4 ග්‍රෑම් 500 ක් රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් බවට පලෙයි පොලීසිය පවසයි.

පලෙයි යුද හමුදා නිලධාරීන් පිරිසකට ලැබුනු තොරතුරකට අනුව පලෙයි පොලිස් නිලධාරීන් පිරිසකගේද ඒකාබද්ද සෝදිසි වැටලීමකදී අදාල පුපුරණද්‍රව්‍ය තොගය පොහොර උරයක දමා රැගෙන යමින් සිටියදී හසු වී ඇති අතර එහිදී පුපුරණද්‍රව්‍ය තොගය අඩංගු පොහො උරය දමා සැකකරුවන් දෙදෙනෙකු යතුරුපැදියකින් පලා ගොස් ඇත.

දමා ගිය පොහොර උරය පරික්ෂා කිරීමේදී එහි පුපුරණද්‍රව්‍ය තොගය හමු වී ඇති අතර අදාල පුපුරණද්‍රව්‍ය තොගය ලබා ගත් ස්ථානය හා කුමන කරුණක් වෙනුවෙන් රැගෙන ගොස් ඇත්දැයි යන්න පිළිබඳව මේ වන විට වෙනම පරික්ෂණයක් අරඹා ඇති බවටද පලෙයි පොලීසිය පවසා සිටියි.

කෙසේ වෙතත් පලා ගිය සැකකරුවන් මේ වන විට අනාවරනය වෙමින් පවතින අතරම ඔවුන් අත්අඩංගුවට ගැනීමට සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කොට ඇති බවටද පලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

0 views

One Comment to “කිලිනොච්චියෙන් පුපුරණද්‍රව්‍ය කිලෝ 4 ග්‍රෑම් 500 ක් අත්අඩංගුවට…”

  1. පිස්සු පුසා says:

    චන්ද කාලෙදි මනේ ඔවා හම්බ වෙන්නේ