කිලිනොච්චියෙන් මෝටාර් උණ්ඩ මතුවෙයි…

March 5, 2019 at 5:30 pm | lanka C news
කිලිනොච්චියෙන් මෝටාර් උණ්ඩ මතුවෙයි…

කිලිනොච්චිය, අක්කරායන්හි, කන්නගිපුරම් ප්‍රදේශයේ ඇළකින් මෝටාර් උණ්ඩයක් මතුවි තිබියදී සොයාගත් බවට අක්කරායන්කුලම පොලීසිය පවසයි.

පොලිසිය පැවසූවේ ඇළක බැම්මේ තිබි මෝටාර් උණ්ඩය අලේ ජලය අඩුවීම හේතුවෙන් මතු වී ඇති අතර පසුව එය  ප්‍රදේශවාසීන් දැක ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කල බවටය.

පසුව අදාළ ස්ථානය පොලීසිය පරීක්ෂා කොට ඇති අතර ඇළ බැම්බේ තිබි මෝටාර් උණ්ඩයක් සොයා ගෙන ඇති අතර අදාල ස්ථානයේ තවත් බෝම්බ ඇත්දැයි යන්න සෙවීමට වැඩි දුර කැනීමක් සිදු කිරීම සඳහා කිලිනොච්චිය අධිකරණයෙන් නියෝගයක් ලබා ගැනීමට පොලීසිය විසින් පියවර ගෙන ඇත.

අධිකරණ නියෝගයක් ලබා ගැනීමෙන් පසුව කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ගේද සහය ඇතිව අදාල ස්ථානයේ වැඩි දුරටත් කැනීම් සිදු කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන අක්කරායන් කුලම් පොලීසිය වැඩිදුරටත් පවසයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

6,663 Viewers
Main News