කිලිනොච්චියෙන් යුද හමුදා නිලඇඳුම් වලට සමාන ඇඳුම් තොගයක් හමුවෙයි…

April 29, 2019 at 1:20 pm | lanka C news
කිලිනොච්චියෙන් යුද හමුදා නිලඇඳුම් වලට සමාන ඇඳුම් තොගයක් හමුවෙයි…

කිලිනෝචිය ධර්මපුරම් පොලිස් වසමට අයත් ගම්මානයකින් යුද හමුදා නිල ඇඳුම් වලට සමාන ඇඳුම් තොගයක් හා ජංගම දුරකතන කිහියක් තිබී අත්අඩංගුවට ගෙන ඇති බව ධර්මපුරම් පොලීසිය කියා සිටියි.

යුද හමුදාව විසින් ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී අදාල යුද හමුදා නිල ඇඳුම් වලට සමාන ඇඳුම් තොගයක් නිවසක තිබී හමු වී ඇති අතර අදාල නිවස වැඩිදුර පරික්ෂා කිරීමේදී ජංගම දුරකතන 7ක්ද තිබී හමු වී ඇත.

අදාල නිල ඇඳුම් තොගය හා ජංගම දුරකතන තොගය යුද හමුදා නිලධාරීන් විසින් වැඩි දුර පරික්ෂණ කටයුතු සඳහා ධර්මපුරම් පොලීසිය වෙතට භාර දී ඇති අතර අදාල නිල ඇඳුම් හා ජංගම දුරකතන තොගය අද (29) දිනයේදී කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට ධර්මපුරම් පොලීසිය කියා සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

40,834 Viewers

5 Comments to “කිලිනොච්චියෙන් යුද හමුදා නිලඇඳුම් වලට සමාන ඇඳුම් තොගයක් හමුවෙයි…”

  1. Shasi says:

    පිරිමි nurse කෝ , සාදාරන පොත් වෙළෙන්දා හා ගූ යන යන්ගොඩ කෝ ,

    • Hasitha Vassa says:

      They are traveling to collect money from their western masters.

    • සිරිමල් says:

      එතකොට ලිට්රෝ “රොටුඹ අමිල” නැද්ද…………………………………………?

  2. Darshi says:

    Me katha eththada?

  3. LION says:

    උතුරු නැගනහිර ගම්වල දෙමළ මුස්ලිම් නම් වෙනස්කර පැරැණි සිංහළ ගම නම් නැවත බාවිතා කල යුතුය මේ නම් ලන්දේසින් විසින් බාවිතා කල නම්ය

Main News