කිලිනොච්චියේදී යතුරුපැදි අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මියයයි…
December 19, 2017 at 12:40 pm | lanka C news
යාපනය මහනුවර එ-9 මාර්ගයේ අලිමංකඩ, කට්ටුවාන්කොට්ටි ප්රදේශයේ දී ඊයේ (18) රාත්රියේ සිදුවු රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මියගොස් ඇති බවට කිලිනොච්චිය පොලීසිය කියා සිටියේය.
යතුරුපැදි දෙකක් ඊයේ රාත්රී 11 ට පමණ අධික වේගයකින් පැමිණ එකිනෙක මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතයි කිලිනොච්චිය පොලීසිය සඳහන් කළේය.
අනතුරෙන් තුවාල ලැබු යතුරුපැදි දෙකෙහි ගමන් ගත් කාන්තාවක ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව පාපැදිකරුවන් දෙදෙනා මියගොස් තිබේ.
මෙසේ අනතුරින් මියගොස් ඇත්තේ 28 හැවිරිදි කට්ටුවාන්කොට්ටි ප්රදේශයේ පදිංචිව සිටි තරුණයෙකු සහ 36 හැවිරිදි කරවට්ටි ප්රදේශයේ පදිංචිව සිටි අයෙකි.
අනතුර සම්බන්ධයෙන් කිළිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සබ්බේ සංඛාරා අනිච්චාතී