කිලිනොච්චියේදී ව්‍යාජ මුදුල් නොට්ටු ජාවාරමක් අල්ලයි..

May 4, 2019 at 2:07 am | lanka C news
කිලිනොච්චියේදී ව්‍යාජ මුදුල් නොට්ටු ජාවාරමක් අල්ලයි..

හොඳ මුදල් නෝට්ටු වලට ව්‍යාජ මුදල් නොට්ටු මාරු කිරීමේ ජාවාරමක් වටලා රුපියල් දෙලක්ෂ එක්දහසක ව්‍යාජ මුදල් නොට්ටු සමග සැකකරුවෙකු කිලිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවට කිලිනෝචිය දිසා දූෂණ මර්ධන අංශය පවසයි.

කිලිනොච්චිය දිසා දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපතිට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව කනකපුරම් දුම්රිය මාර්ගය අසලදී අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුගේ කලිසම් සාක්කුවල තිබී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 40 ක් සහ රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු 2 ක් හමු වී ඇති අතර අදාල සැකකරු ඉන්දන පිරවුම් හල් අසල වෙළඳසැල් අසළ හා මත්පැන් අලෙවි ස්ථාන වල සැරිසරා හොඳ මුදල් නොට්ටුවලට ව්‍යාජ මුදල් නොට්ටු මාරු කිරීම සිදු කොට ඇති බවට දිසා දූෂණ මර්ධන අංශය විසින් අනාවරණය කොට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය කෝනාවිල් ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර අද දිනයේදී කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිස් දිසා දූෂණ මර්ධන අංශය විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,887 Viewers
Main News