කිලිනොච්චියේ උද්ඝෝෂණ…

December 25, 2019 at 2:06 am | lanka C news
කිලිනොච්චියේ උද්ඝෝෂණ…

ඉල්ලීම් කිහිපයක් මුලකරගනිමින් යුද සමයේදී අතුරුදහන් වූවනගේ ඥාතීන් විසින් කිලිනොච්චියේදී උද්ඝෝෂණයක් සංවිධානය කොට තිබුණි.

මුලතිව් දිස්ත්‍රීක්කයේ අතුරුදහන් වූවනගේ ඥාතීන් විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කොට තිබූනේ කිලිනොච්චිය කන්දසාමී කෝවිල ඉදිරිපටය.

එහිදී උද්ඝෝෂණයේ නිරත වූවන්ගේ ඉල්ලීම් වී තිබුනේ යුද්ද අවසන් වී වසර 10 කට අධික කාලයක් ගොවී ඇතත් දේශපාලන සිරකරුවන් හේතුවක් නොමැතිව සිරගත කොට ඇති හෙයින් එම සිරකරුවන් වහාම කොන්දේසි විරහිතව නිදහස් කර යුතු බවටත්, යුද අපරාධ සිදු කළ අය වෙනුවෙන් ජාත්‍යන්තර අධිකරණයක් පිහිටුවීම, යුද අපරාධ සම්බන්ධයෙන් දේශීය අධිකරණයක් පිළිනොගැනීම, අතුරුදහන් වූවන් වෙනුවෙන් වහාම පිළිගත හැකි විසඳුමක් ලබා දීම , අතුරුදහන් වූවන් වෙනුවෙන් ඇති කාර්යාල පිළිනොගැනීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.

මෙම උද්ඝෝෂණය වෙනුවෙන් කිලිනොච්චිය ඇතුලු උතුරු පලාතේ අත්රුදහන් වූවන්ගේ ඥාතීන් රැසක්ද සහභාගී වී සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

184 views
Main News