කිලිනොච්චියේ කැලයකින් කොටි බෝම්බ තොගයක් හමුවෙයි…

July 27, 2020 at 2:09 am | lanka C news
කිලිනොච්චියේ කැලයකින් කොටි බෝම්බ තොගයක් හමුවෙයි…

කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් බල ප්‍රදේශයේ පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ යුද උපකරණ තොගයක් හමු වූ බවට ධර්මපුරම් පොලීසිය පවසයි.

අදාල යුද උඵකරණ තොගය පිළිබඳ ප්‍රදේශවාසියෙකු විසින් ධර්මපුරම් පොලීසියට කරන ලද දැනුම් දීමකදී පොලීසිය විසින් ඒ පිළිබඳව කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට දැනුම් දීමෙන් පසුව පුලියන්පොක්කනේයි කැලෑබද ප්‍රදේශයකදී දමා තිබූ අදාල යුද උපකරණ තොගය හමු වී ඇත

එහිදී ග්‍රෙනඩ් ලෝන්චර් නැමති බෝම්බ 11 ක් තිබී ඇති අතර යුද සමයේදී කොටි සාමාජිකයින් විසින් සඟවා පලායන්නට ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් සැක පල කර සිටින අතරම සොයාගත් ග්‍ර‍ෙනඩ් ලෝන්චර් තොගය කිලිනොච්චිය අධිකරණ නියෝගයකට අනුව නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

147 views

8 Comments to “කිලිනොච්චියේ කැලයකින් කොටි බෝම්බ තොගයක් හමුවෙයි…”

  1. ජෙප්පා says:

    කොටින්ට උතුර අල්ලන්න කියලා ජෙප්පො දකුණේ බලය අල්ලන්න කටයුතු කළා. දකුණේ බලය අල්ලපු ගමන් කොටින්ට උතුර දෙන බවට වූ එකගතාවය මත කොටින් විසින් ජෙප්පන්ට අවි පුහුණුව ලබා දුන්නා. කොටි අවුරුදු 30ක් යුද්ධ කරලා ලක්ෂයක් මරණ කොට ජෙප්පො කැරලි 2ක් ගහලා 90,000ක් ජීවිත නැති කරා.

  2. Dharsana abayakoon says:

    ෂුවර් එකටම කියයි මේක ඉලෙක්ෂන් ඩ්‍රාමා එකක් කියල.

  3. kalakanni niroshan badaa in melbourne from d s senanayake college says:

    aayis appa hemadama chanda thiyenawanam thawa bomba ahuwenna pravanathayak thiyenawa.

  4. MD says:

    අපිට සිතිය යුතු දෙයක් මේ සමග මතුවන වනවා.අහිංසක දමිළ ජනයා සිංහල හමුදාව පිලිගන්නෙ දයාවෙන්.නමුත් දුෂ්ට කුහක දමිළ දේශපාලුවෝ තමයි බොරු සංහිඳියාව මායාවක් පෙන්නලා සිංහල දමිළ ජනයා භේදභින්න කලේ සහ කරන්නේ.කනගාටුයි ඵය අපි නිවැරදි කරගත යුතුය.

  5. පොරි කැහුට්ටා says:

    දැන් ඇල්ලුවා ඇති නේද. නැත්නම් දකුණේ බයියෝ මේවා දැකලා ජාති ආලේ කෙලින් කරන් තවත් වැළලෙන්න හදයි නේද ? අයියෝ මේ නිවුස් බලලා කතිරෙ වැඩිකරගන්න එක හරි පහත් වැඩක් නේද ස..අපි කීකරු බයියොනේ ස..

    • ඊබ්‍රහිම් ගේ බුරියානි says:

      ඊබ්‍රහිම් නානගේ බුරියානි එකේ ගම්බිරිස් සැර වැඩියි කියල අනුර ස’ කිවුවා.

    • Kk says:

      Kuhaka wenna epa ban. Mona kale wunath honda deta hondayi kiyanna igena ganin.

  6. Marai says:

    Ammatasiri. …. Sarrrr …. election lan wena kota Buriyani Bomb thawa ayi neda… Raspot Sirrrrr. …😂😂

Main News