කිලිනොච්චියේ කැලේ කසිප්පු නිෂ්පාදනාගාරයක් පොලීසියෙන් වටලයි

December 20, 2018 at 2:04 am | lanka C news
කිලිනොච්චියේ කැලේ කසිප්පු නිෂ්පාදනාගාරයක් පොලීසියෙන් වටලයි

කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් බල ප්‍රදේශයේ පුලියන් පොක්කනෙයි කැලෑවක ඉතා රහසිගතව පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිශ්පාදනාගාරයක් වැටලීමට කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

කිලිනොච්චිය පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් ලැබුනු තොරතුරකට අනුව පුලියන්පොක්කනෙයි රක්ෂිත කැලෑ ප්‍රදේශයේ වැටලීම සිදු කොට ඇති අතර එම අවස්ථාවේධී නීති විරෝධී මත්පැන් නිශ්පාදනය කරමින් සිටි සිව් දෙනෙකු පලා ගොස් ඇත.

එහිදී නීතිවිරෝධී මත්පැන් වූ ගෝඩා බැරල් 30 ක් පමණ හා කසිප්පු කෑන් 3 ක් විනාශ කිරීමටත් සෙසු උපකරණ තොගය පොලිස් භාරයට ගැනීමටත් පොලිස් නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් පලා ගිය සැකකරුවන්ගෙන් දෙදෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති අතර පළමුව ඔවුන් අත්අඩංගුවට ගෙන පසවු සෙසු සැකකරුවන්ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

189 views
Main News