කිලිනොච්චියේ ගංවතුර… මාර්ග යටවෙයි.. ජනජීවිතයට බාධා..

December 22, 2018 at 5:30 pm | lanka C news
කිලිනොච්චියේ ගංවතුර… මාර්ග යටවෙයි.. ජනජීවිතයට බාධා..

කිලිනොච්චි දිස්ත්‍රික්කයට ඊයේ සහ අද (22) අලුයම දක්වා ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ කිලිනොච්චියේ විශාලම ජලාශය වන ඉරණමඩු ජලාශය ඇතුළු ප්‍රධාන වැව් කිහිපයක් වාන් දැමීමත් සමඟ පහළ ප්‍රදේශයන්හි ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙන අතර මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා ගමනාගමන කටයුතුවලට දැඩි ලෙස බාධා එල්ල වී ඇති බවට කිලිනොච්චිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියා සිටියේය.

කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ ජලමට්ටම අඩි 38ක් දක්වා ඉහළ යාම හේතුවෙන් ඉරණමඩු ජලාශයේ වාන් දොරටු සියල්ලක්ම මේ වන විට විවෘත කොට ඇති බවට කිලිනොච්චිය වාර්මාර්ග නිළධාරීන් ප්‍රකාශ කර සිටියහ.

ඉරණමඩු ජලාශය ඇතුළු වැව් වාන් දැමීමත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් කොටු වී සිටි ජනතාව මුදවා ගැනීමේ කටයුතු කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයේ යුධහමුදා නිළධාරීන් දැඩි උත්සාහයක නිරතව සිටී. අද අලුයම දක්වා ගත වූ පැය 24ක කාලය තුළදී කිලිනොච්චි දිස්ත්‍රික්කයට මිලිමීටර් 150 කට අධික වර්ෂාපතනයක් ඇදහැලී ඇති අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් ගංවතුර තත්ත්වයත් හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාව ගණනය කිරීමට නොහැකි වී ඇති බවට කිලිනොච්චිය ආපදා කළමනාකරණ ඒකකය වැඩිදුරටත් පැවසුවේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

156 views

6 Comments to “කිලිනොච්චියේ ගංවතුර… මාර්ග යටවෙයි.. ජනජීවිතයට බාධා..”

  1. memopad says:

    Tamil Nationalist Alliance, please show your skills and perform to rescue and assist people.

    • JOHN says:

      උතුරේ දෙමල ජාතිවාදීන් අපේ රටට කරන විනාශයට සර්වබලධාරී දෙවියන් වහන්සේගේ සාපය …..මේ දෙමළ සක්කිලි අපේ රටෙන්ම තුරන් වේවා

      • වෙරිසොරි says:

        බුදු වහන්සේගේ පිලිම ඉවත් කරන්න තැත් කල ජාතිවාදීන්ට කෝප වූ දෙවියන් දුන් දඬුවමක් විය හැකියි.

    • Gamarala says:

      Mongelda bro? We cant swimm. How can help them. Thats y we ask to send army away from.our area.

  2. මගෙ රට says:

    හමුදා උතුරෙන් ඉවත් කරනු කියා චන්ඩි පාට් දැම්මට තමුන්ට විපතක් උනාම පිහිටට ඉන්නේ අපේ ත්‍රිවිධ හමුදා විතරයි. දෙමල ජනයා මේ තත්වය තේරුම් ගත යුතුයි.

  3. sinha le says:

    උතුරේ හින්දු ආගමේ හැටියට සියයට 90 ක් ඉන්නේ දලිත් කියන අඩුකුලේ අයලු කොලබට වෙලා ඉන්නේ උසස් කුලේ කියන සම්බන්දන් විග්නේස්වරන් වගේ නරුමයෝ මේ ජනතාව ගැන මුන් බලන්නේ නැත අන්තිමට මෙවැනි අවස්ථාවකදී ඒ අය ගැන බලන්නේ සිංහලයන් පමනි

Main News