කිලිනොච්චියේ නැවත පදිංචි ගමකට නව පොලිස් ස්ථානයක්…

March 19, 2018 at 2:09 am | lanka C news
කිලිනොච්චියේ නැවත පදිංචි ගමකට නව පොලිස් ස්ථානයක්…

කිලිනොච්චියේ නැවත පදිංචි ගම්මානයක් වූ අක්කරායන් ප්‍රදේශයේ නව පොලිස් ස්ථානයක් විවෘත කිරීම උතුරු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

යුද්දෙන් පසුව කිලිනොච්චිය අක්කරායන් ප්‍රදේ‍ශයේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා පැවති තාවකාලික පොලිස් මුරපොළ වෙනුවෙන් නව පොලිස් ස්ථානය ඉදිකළ බවට කිලිනොච්චිය උතුරු පලාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා නව පොලිස් ස්ථානය විවෘත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් කියා සිටියේය .

යුද්ධයෙන් අවතැන්වු ජනතාව නැවත පදිංචිව සිටින කිලිනොච්චිය අක්කරායන් ප්‍රදේශයේ ආරක්ෂාව හා සාමය තහවුරු කිරීම උදෙසා පොලිස්පතිවරයාගේ උපදෙස් මත නව ‍පොලිස් ස්ථානය බිහිකළ බව උතුරු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් පැවසීය.

කිලිනොච්චිය හා මුලතිව් දිසා භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් වැලිකන්න මහතා, කිලිනොච්චිය පොලිස් නිළධාරීන්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්තාවට සහභාගි වී සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

0 views
Main News