කිලිනොච්චියේ නීතිවිරෝධී මත්පැන් හේතුවෙන් මේ වසරේදී 426ක් අත්අඩංගුවට..

September 16, 2017 at 2:25 am | lanka C news
කිලිනොච්චියේ නීතිවිරෝධී මත්පැන් හේතුවෙන් මේ වසරේදී 426ක් අත්අඩංගුවට..

කිලිනොච්චිය දිස්ත්‍රීක්කය තුල මේ වසරේ (2017) ගෙවී ගිය කාලය තුලදී නීති විරෝධී මත්පැන් හේතුවෙන් පුද්ගලයින් 426 දෙනෙකු අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගෙන ඇති බවට කිලිනොච්චිය සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් කියා සිටියහ.

ඔවුන් මේ බව කියා සිටියේ කිලිනොච්චිය තිරුනගර් ප්‍රදේශයේ පිහිටි නිවසක් තුලා ඉතා සූක්ෂමව කාන්තාවක් විසින් නීති විරෝධී මත්පැන් පෙරමින් සිටියදී එම කාන්තාව අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.

අදල කාන්තාව නිවස තුලම ඉතා සූක්ෂමව මෙම නීති විරෝධී මත්පැන් පෙරීම සිදු කළ ඇති අතර කිලිනොච්චිය සුරාබදු නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව එම කාන්තාව අදාල මත්පැන් පෙරීම සඳහා යොදගත් උපකරණ තොගයද අත්අඩංගුවට ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

33 views
Main News