කිලිනොච්චියේ මව පියා නැති දරුවන් 765 ක්..

June 20, 2018 at 2:07 am | lanka C news
කිලිනොච්චියේ මව පියා නැති දරුවන් 765 ක්..

යුද්දෙන් පසුව කිලිනොච්චියේ නැවත පදිංචියට ගිය වැසියන්ගෙන් මව හෝ පියා නොමැති දරුවන් 765 ක් ජීවත් වන බවට දිස්ත්‍රීක්කයේ පිහිටි ළමා නිවාසයන්හි නිලධාරීහු පෙන්වා දෙති.

මේ අනුව එම නිලධාරීන් පෙන්වා දෙන්නේ කිලිනොච්චිය දිස්ත්‍රීක්කය තුල මව අහිමි දරුවන් 387 දෙනෙකුද පියා අහිමි දරුවන් 378 දෙනෙකුද ජීවත් වන බවටය.

කෙසේ වෙතත් අදාල වාර්ථා කිලිනොච්චියේ පැවති දරුවන් සුරකිමු ජාතික වැඩසටහන වෙනුවෙන් ජනාධිපතිතුමන්ගේද අවධානයට යොමු කල අතරම ජනාධිපතිතුමන් එම වාර්ථාවලට අනුව දිස්ත්‍රීක්කයේ පිහිටි ළමා නිවාස හා රැඳවුම් නිවාස ප්‍රතිසංස්කරණය කිරීමටත් එ්වාට අවශ්‍ය පහසුකම් ලබා දීමටත් අවශ්‍ය උපදෙස්  නිලධාරීන්ට ලබා දුන් බවටද ළමා නිවාස භාර නිලධාරීන් කියා සිටියහ.

යුද සමයේදී වැඩි වශයෙන් මෙම දරුවන්ට තම පියා හෝ මව අහිමි වී ඇති හෙයින් එම දරුවන්ගේ අනාගතය සඳහා විශේෂ වැඩපිලිවෙලක් දියත් කළ යුතු බවටද ළමා නිවාස භාර නිලධාරීහු වැඩි දුරටත් කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

24 views

2 Comments to “කිලිනොච්චියේ මව පියා නැති දරුවන් 765 ක්..”

  1. උකුස්සා says:

    NGO සංවිධාන වල උදව්වෙන් හොරෙන් ලංකාවට ගෙනා දකුණු ඉන්දියානු දෙමළ කල්ලතොනි ලමයිලු .පසුව ඔවුන්ගේ දෙමාපියන්ද පැමිණෙනු ඇත
    උතුරේ දෙමල ජනගහනය ගහනය වැඩිකිරීමේ උගුලක් මේ

    • Amda says:

      බදු ගෙවන සින්හල හරකුන් ඉන්නවනෙ …බය වෙන්න එපා