කිලිනොච්චියේ යුද හමුදවෙන් නිදහස් කල ඉඩම් ජනතාවට බෙදයි..
February 9, 2019 at 8:02 am | lanka C news
ජනාධිපතිතුමාගේ උතුරු පළාත් සංවර්ධන වැඩ සටහන යටතේ කිලිනොච්චිය දිස්ත්රීක්කයේ කරච්චි සහ කණ්ඩාවලෛ ප්රාදේශීය ලේකම් කොට්ඨාශ වල ආරක්ෂක හමුදාව විසින් නිදහස් කරනු ලැබූ ඉඩම් මහජනතාව වෙතට භාර කිරීමේ වැඩසටහන උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි.
අදාල ඉඩම් භාර දීම කිලිනොච්චිය දිස්ත්රීක් ලේකම් කාර්යාලයේදී සිදු වූ අතර එහිදී පළමු ඔප්පුව උතුරු ආණ්ඩුකාර තුමන් විසින් කරච්චි ප්රාදේශයේ පදිංචි සුප්පයියා තන්ගම්මා වෙත ලබාදෙනු ලැබිය.
මේ අනුව ආරක්ෂක හමුදාව යටතේ තිබූ අක්කර 39.95 ක ඉඩම් නිදහස් කරනු ලැබූ අතර එයින් මහජනතාවට අයිති අක්කර 21.24 ක ඉඩම් ප්රමාණයක් සඳහා වූ ඉඩම් බලපත්ර එම ඉඩම් අයිතිකරුවන් වෙතට උතුරු ආණ්ඩුකාරතුමා විසින් ලබා දෙනු ලැබිණි.
– වන්නි රොමේෂ් මධුෂංඛ