කිලිනොච්චියේ රත්තරන් ගොඩගන්න ගිය 21 දෙනෙකු අත්අඩංගුවට.. යුද හමුදා සෙබලුන් තදෙනෙකුත් ඒ අතර..

February 10, 2020 at 2:10 am | lanka C news
කිලිනොච්චියේ රත්තරන් ගොඩගන්න ගිය 21 දෙනෙකු අත්අඩංගුවට.. යුද හමුදා සෙබලුන් තදෙනෙකුත් ඒ අතර..

කිලිනොච්චය ධර්මපුරම් පොලිස්වසමේ වලදමන ලද රත්තරන් සොයමින් සිටි 21 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට ධර්මපුරම් පොලීසිය පැවසීය.

කිලිනොච්චිය පොලිස් විශේෂකාර්ය බලකා කඳවුරට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් ධර්මපුරම් පොලිස් වසමේ කට්ටෙයිකාඩු ප්‍රදේශයේ සිදු කරනු ලැබූ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අදාල පිරිස් අත්අඩංගුවට ගෙන ඇත.

යුද සමයේදී කොටි සංවිධානය විසින් වලදමන්නට ඇති බවට සැක කෙරෙන රත්තරන් සොයා අදාල පිරිස් විසින් ස්කෑනර් යන්ත්‍රානුසාරයෙන් ගොඩගැනීමට එම ප්‍රදේශයට ගොස් ඇත්තේ වාහන තුනකිනි.

අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් විසින් අදාල වාහන තුනද සමගින් සැකකරුවන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පිරිස අතර යුද හමුදා සෙබලුන් තිදෙනෙකුද සිටින බවට තොරතුරු ලැබී ඇත.

අත්අඩංගුවට ගත් පිරිස වැඩි දුර පරික්ෂණ කටයුතු සඳහා ධර්මපුරම් පොලීසිය වෙතට භාර දීමට කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් කටයුතු කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,658 Viewers
Main News