කිලිනොච්චියේ රත්තරන් සොයන්න ගෙනා ස්කෑනර් යන්ත්‍රයක් සමග පස් දෙනෙකු අත්අඩංගුවට…

July 3, 2018 at 2:05 am | lanka C news
කිලිනොච්චියේ රත්තරන් සොයන්න ගෙනා ස්කෑනර් යන්ත්‍රයක් සමග පස් දෙනෙකු අත්අඩංගුවට…

කිලිනොච්චිය පරන්තන් ප්‍රදේශයේදී අධිබලැති ස්කෑනර් යන්ත්‍රයක් තබාගෙන සිටි පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බවට කිලිනොච්චිය පොලීසිය කියා සිටියේය.

කිලිනොච්චිය පොලීසියට ලැබුනු තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පරන්තන් ප්‍රදේශයේ පිහිටි නිවසක් සෝදිසි පරික්ෂාවකට ලක් කිරීමේදී එහි සගවා තිබූ අධිබලැති අධි තාක්ෂණික ස්කෑනර් යන්ත්‍රයක් නිවස තුල සගවා තිබියදී අත්අඩංගුවට ගත් බවට කිලිනොච්චිය පොලීසිය කියා සිටියේය.

ස්කෑනර් යන්ත්‍රය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී නිවස තුල සිටි පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එයින් යාපනය තිරුනෙල්වේලි ප්‍රදේශයේ දෙදෙනෙකුද කිලිනොච්චිය පලෙයි ප්‍රදේශයේ එක් පුද්ගලයෙකුද පරන්තන් ප්‍රදේශයේ තවත් දෙදෙනෙකුද පදිංචි කරුවන් බවට හඳුනාගෙන ඇත.

අදාල ස්කෑනර් යන්ත්‍රය යොදා ගනිමින් කිලිනොච්චිය ප්‍රදේශයේ ඇතම් ස්ථාන රත්ත්‍රන් පරික්ෂා කොට ඇති බවට මේ වන විට තොරතුරු ලැබී ඇති අතර සැකකරුවන්ගෙන් මූලික ප්‍රශ්න කිරීම් සිදු කොට කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන කිලිනොච්චිය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

97 views
Main News