කිලිනොච්චියේ වැසියන්ට යුද හමුදාවෙන් ‘ස්වයංජාත’ බෙදයි

February 25, 2019 at 8:02 am | lanka C news
කිලිනොච්චියේ වැසියන්ට යුද හමුදාවෙන් ‘ස්වයංජාත’ බෙදයි

කිලිනොච්චියේ දුෂ්කරගම්මානවල වෙසෙන අඩු ආදායම්ලාභි ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා 57 වන සේනාංක බල ප්‍රදේශයෙන් තෝරාගත් ගොවීන් 64දෙනෙකු සදහාස්ව්යං ජාතපැල සහ බීජ බෙදා දිමේ වැඩසටහනක් පැවත්වුණි.

57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්රි යගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු අතරල එක් ගොවියෙකු සදහා පැල දෙක බැගින් බෙදාදිම කිලිනොච්චිය පහසුකම් මධ්ය ස්ථානයේදි පවත්විණි.

වර්තමානයේ කිලිනොච්චි දිස්ත්රික්කයේ සියළුම ගොවීන් සඳහා ස්ව්යංජාත වී වගාව හඳුන්වාදීමට 57 වන සේනාංකය කටයුතු කරන අතර මෙහිදි මෙම පැල පිළිබඳවල රෝපණය කරන ආකාරය සහ ව්යාප්ත වන ආකාරය පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ දෙශණයක් ගොවින්හට ලබා යුද හමුදාව විසින් පියවර ගත් අතර  මෙම වගාව සදහා කෘෂි රසායනික ද්රවය සහ පොහොර කිසිවක් නොමැතිව අවුරුද්ද පුරාවට බිජ ලබා ගැනිමේ හැකියාවක් ඇති බවට කිලිනොච්චිය ගොවීන් දැනුවත් කරන ලදි.

මෙම අවස්ථාව සදහා 571 සහ 572 වන බළසේනාවේ බළසේනාධිපතිවරු ඇතුලු සිවිල් වැසියන් පිරිසක් සහභාගී වී සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

11,904 Viewers

5 Comments to “කිලිනොච්චියේ වැසියන්ට යුද හමුදාවෙන් ‘ස්වයංජාත’ බෙදයි”

  1. බයියෙක් says:

    ඉතා හොද වැඩක්. ජය වේවා!

  2. නයා says:

    වී වී කිව්වට මේ වී වර්ගයක් නම් නෙවෙයි.
    හැබැයි ඉතින් කිලිනොච්චිය වගේ පලාතක දුප්පත් ගැමියන්ගේ පෝෂණ සහාය වෙනුවෙන් මේ වගේ ශාක වර්ග යොදා ගැනීමේ ලොකු අවුලක් නෑ.
    මේක දෙමුහුම් සෝගම් විශේෂයක්.
    ඇටය කුඩා ගෝලාකාර නිසා පහසුවෙන් බත් උයන්න පුළුවන්. ඒ නිසා එය සහලක් වෙනුවට හොඳ ආදේශකයක්

    ස්වයංජාත කථාවනම් අමුම කෙප්පයක්

  3. Mahesh says:

    මේ ස්වයංජාත ඇල් ගැන බොහෝ තොරතුරැ http://www.facebook.com/swayanjatha.El වෙත පිවිසද දැක බලා ගත හැක. එහිදි ඔබට ස්වයංජාත ඇල් කියන්නෙ මොනවද, මෙහි ඇති වටිනාකම මොකක්ද , බොහෝ දෙනෙක් කිසිම ලාභ ප්‍රයොජනයක් නැතිව මෙය වයාප්ත කරන්න මෙතරම් වෙහෙසෙන්නේ ඇයි, මෙහි ගුණාත්මකභාවය, මෙහි පෞරාණික වටිනාකම,මෙහි අතීතය, මේ පිලිබද නවීන විදයාත්මක තොරතුරැ, නවීන විදයාවට ගෝචර නොවන ඊට එහා ගිය තොරතුරැ වගේම මේ වටිනා බෝගය⁣ට මිත්‍යාවක් යයි කියමින් සමහරැ මෙතරම් පහර ගසා අපහාස උපහාස කර යටපත් කරන්න උත්සහ කරන්නේ ඇයි, ඔවුන් මේ වටිනා බෝගයේ වයාප්තියට එරෙහිව නොයෙකුත් බොරැ ප්‍රචාර කිසිම පදනමක් නැති තර්ක අපහාස උපහාස කිරිමට හේතුව, සමහරැ මේ වටිනා බෝගය යටපත් කිරිමම තමාගේ රැකියාව ලෙස කරන්⁣නේ කාගේ උවමනාවටද, මේ වටිනා බෝගය වයාප්ත වී වස විසෙන් තොර නිරෝගිමත් ස්වයංපෝෂිත රටක් බිහිවිමට විරැද්ධ කවුද, ආදි මෙකි නොකි සියලුම තොරතුරැ දැක බලා ගතහැක.
    මේ වටිනා බෝගයේ ව්‍යාප්තිය නතර කරන්න මහා පරිමාණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒකට හේතුව බහුතරයකට හොඳ දෙයක් වුවත් බලවත් සුළු පිරිසකට මහා අවාසියක් මෙමඟින් සිදුවන නිසයි. ඒ කෙසේ වෙතත් අවශ්‍ය ඕනෑම කෙනෙකුට මේ බීජ ඉල්ලා පැල කරගෙන ආහාරයට ගෙන තමාටම ඇත්ත තත්වය වටහා ගැනීමේ හැකියාව තියෙනවා දැනටමත් බොහෝ පිරිසක් මේ ස්වයංජාත ඇල් බත් ලෙස කිරිබත් ලෙස කැඳ ලෙස ආහාරයට ගෙන ඇති නිසා. මේ වටිනා බෝගයට චෝදනා කරන අය මේ ස්වයංජාත ගැන හොයාබලල,වවල,කාලා තියා හැබැහින් දැකලවත් නැති වග මතක තියාගන්න.බෝගයක් තියා වල් පැලයකවත් ගුණ අගුණ හැබැහින් නොදැක,වවන්නෙ නැතුව කියන්න පුලුවන් තරම් අනුවන දිවැසක් තියෙන අය සිටින වග මතක් කරන්න කැමතියි. වැඩි විස්තර අවශ්‍ය ඕනෑම කෙනෙක් මුහුණු පොතේ Swayanjatha El වෙත පිවිස සොයා බලන්න.
    තෙරැවන් සරණයි !!!

  4. වහරක මාමා says:

    ස්වයංජාත යනු හරකුන්ට කෑම සඳහා විදෙස් රටවල දෙමුහුන් කර හැදු සෝගම් එකක්. වී වර්ගයක් නොවේ.
    අපේ කපටි ආගමික කල්ලියක් ඒක සිය ව්‍යාපරය සඳහ යොදාගත්තා. ස්වය​ආංජාත ඇල් යනු අමූලික බොරුවක්. වෙබ් සයිට් හදාගෙන කරන්නේ බොරුවක්.

  5. Dimasha says:

    What is the use of sorghum?
    Sorghum Uses.
    In the United States, South America and Australia, grain sorghum has traditionally been used for livestock feed and in a growing number of ethanol plants. Sorghum produces the same amount of ethanol per bushel as comparable feedstocks and uses one-third less water

Main News