කිලිනොච්චියේ විශාලතම ජලාසය ඉරණමඩු වැව හිඳේ.. ගොවි පවුල් 20ල000 ක් අමාරැවේ..
August 1, 2017 at 5:30 pm | lanka C news
කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ පිහිටා ඇති විශාලතම ජලශයක් වන ඉරණමඩු වැවේ ජල මට්ටම පවතින නියං තත්වය හේතුවෙන් සීග්‍රෙයන් සිඳී යාම නිසා ගොවිතැන් හා කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය නොමැතිව දැඩි පීඩාවන්ට පත්ව ඇති බවට කිලිනොච්චිය ඒකාබද්ධ ගොවි සංවිධානය කියා සිටියේය.
මේ දන වල කිලිනොච්චිය ඉරණමඩු වැවේ ජලය මුදාහැරෙන ඇල මාර්ගයේ රොන් මඩ ඉවත් කොට වැවේ ඉතිරි වී ඇති ජලය සිය ගොවිතැන් හා කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් ලබා ගන්නට දැඩි පරිශ්‍රමයක් දරන බවට කිලිනොච්චිය ඒකාබද්ද ගොවි සංවිධානයේ ගොවීහු කියා සිටියහ.
උතුරේ ගොවිතැන්හි කේන්ද්‍රස්තානය වූ කිලිනොච්චියේ මෙවර යල් කන්නය වෙනුවෙන් වර්ෂාව නොමැති වීමෙන් බොහෝ කුඹුරු ප්‍රමාණයක් අතහැර දැමුණු අතර ගොවිතැන කරන ලද කුඹුරු වලටද ජලය නොමැතිව එම ගොවීහු දැඩි අසරණ තත්වයකට මුහුණ පා සිටිති.
පෙර වසර වලට වඩා කිලිනොච්චිය ඉරණමඩු ජලාශය සැලකිය යුතු ලෙසින් ජල මට්ටම අඩු වී ඇති අතරම ඉරණමඩු ජලාශයේ පූරන ජල මට්ටම වූ අඩි 32 කින් අඩි පහකටත් අඩුවෙන් පැවතීම නිසා කිලිනොච්චිය ජලාශයෙන් ගොවිතැන් හා කෘෂිකාර්මික කටයුතු වලින් ජීවත් වන ගොවි පවුල් 20,000 ක් පමණ පීඩාවට පත්ව සිටින බවට කිලිනොච්චිය ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් වැඩි දුරටත් පෙන්වා දෙයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
හංස ගීතය, යහපාලන සාපය
The only country which got rid of terrorists are now faced with
Resurgent LTTE
Unpresidented drought
The whole country has been punished for electing these bunch of clueless uneducated hoodlooms. No wonder people are suffering
ප්රභාකරන් මේ වැවත් විනාශ කරන්න හැදුව නේද යුද්දෙකාලේ? අපේ හමුදාව වැව බේරාගෙන පසුව වැඩිදියුණු කරා
අපේ පින්වත් මෛත්‍රී උතුමානන් මේ පෙදෙසට වැඩම කෙරෙව්ව නම් වැහි වැහැල පලාතම සරු වෙයි.
එතුමා ඒ තරම් පින් කඳක්.
එතුමා ජනපති වෙලා වසර 2 1/2 යි රට කිරියෙන් පැණියෙන් උතුරනව. වතුර තමයි පොඩ්ඩක් අඩු.