කිලිනොච්චියේ සරසවි සිසුවෙකුට විදුලි සැර වැදී මියයයි…

December 3, 2019 at 2:03 am | lanka C news
කිලිනොච්චියේ සරසවි සිසුවෙකුට විදුලි සැර වැදී මියයයි…

යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිළිනොච්චිය මණ්ඩපයේ සිසුවෙකු  කිළිනොච්චිය උරුතිරපුරම්  ශිවනගර් ප්‍රදේශයේදී විදුලි සැර වැදී මිය ගොස් ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

අම්පාරේ සිට අධ්‍යාපනය හැදෑරීම සදහා කිළිනොච්චිය විශ්ව විද්‍යාල මණ්ඩපයට පැමිණ සිටි  විග්නරාසා සාරංගන් නැමති  විසි දෙහැවිරිදි මෙම සිසුවා  මිය ගොස් ඇත්තේ 30 වනදා වර්ෂාව පැවති අවස්ථාවේදී  අක්‍රිය වූ විදුලි  මෝටරයක් පරීක්ෂා කිරීමට ගිය  අවස්ථාවකදීය.

සිසුවා නැවතී සිටි නේවාසිකාගරයට ජලය සැපයෙන විදුලි මෝටරය පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී මෙම සිසුවාට විදුලි  සැර  වැදී ඇති අතර එම අවස්ථාවේදීම ඔහුව කිළිනොච්චිය රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඔහු ඒ වන විටත් මියගොස් සිටි බව  වෛද්‍යවරු ප්‍රකාශ කොට තිබේ.

සිසුවාගේ මෘත  ශරීරය පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් අනතරුව පවුලේ ඥාතීන් වෙතට භාරදීමට පියවර ගෙන ඇති බව පරික්ෂණ සිදු කරන කිළිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,118 Viewers

Leave a Comment

Main News