කිලිනොච්චිය ඉරණමඩු ජලාසයෙන් ගොවිතැනට ජලය ලබා දී වසර 98 ක් පිරීම ගොවීන් සමරයි…

January 21, 2018 at 2:09 am | lanka C news
කිලිනොච්චිය ඉරණමඩු ජලාසයෙන් ගොවිතැනට ජලය ලබා දී වසර 98 ක් පිරීම ගොවීන් සමරයි…

උතුරු පලාතේ විශාලතම ජලාසයක් වන කිලිනොච්චිය ඉරණමඩු ජලාශය ඉදිකොට කෘෂිකර්මාන්තය වෙනුවෙන් ජලය ලබා දී වසර 98ක් පිරීම නිමිත්තේ කිලිනොච්චියේ ගොවි පවුල් විසින් ඉරණමඩු ජලාශය ඉදිරිපිට පිහිටි අම්මාන් කොවිල ඉදිරිපිටදී විශේෂ දේව මෙහෙයක් ආරම්භ කොට ඇත.

1920 වසරේ ජනවාරි මස සිට කිලිනොච්චිය ඉරණමඩු වැව ඉදිකිරීමෙන් පසුව පළමුව ගොවි ජනතාව වෙනුවෙන් ජලය බෙදා දී ඇත.

කිලිනොච්චිය ප්‍රදේශයෙන් කුල කාන්තාවන් 98 දෙනෙකු තෝරාගෙන ඔවුන් ලවා කිරිබත් මුට්ටි 98 ක් නැකතට පිළියෙළ කොට එම කිරිබත්වලින් අම්මාන් කෝවිලට පූජාවක් පැවැත්වීම මෙම විශේෂ උත්සවය සිදු කිරීමට ියවර ගෙන ඇත.

එක පෙළට ලිප් බැද එකම ප්‍රමානයේ නැවුම් මුට්ටි 98 ක මෙම කිරිබත් පිළියෙළ කළ අතර මේ අවස්ථාවට කිලිනොච්චිය දිසාපති සුන්දරම් අරුමෙයිනායගම් මහතා ඇතුලු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද සහභාගි වී සිටියහ.

කිලිනොච්චියේ ප්‍රධාන ජීවනොපාය වන්නේද වැඩි වශයෙන් ගොවිතැන ඇතුලු කෘෂිකර්මාන්තය වන අතර සියලු ගොවිතැන් කටයුතු වෙනුවෙන් ජලය සැයෙන්නේ ඉරණමඩු ජලාශයෙන් වන අතර අනාගතයේදී ඉරණමඩු ජලාශයේ සිට යාපනයේ ජනතාවටද බීමට අවශ්‍ය ජලය සැපයීමට නලමාර්ගයක් ඉදිකිරීමට ව්‍යාපෘතියක්ද ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

105 views
Main News