කිලිනොච්චිය කොටි සොහොන උද්හිද උද්‍යානයක් කරයි..
December 6, 2017 at 6:25 am | lanka C news
යුද්ධයේදී මියගිය එල්.ටි.ටි.ඊ සාමාජිකයින් මිහිදන්කර ඇති කිලිනොච්චිය කනකපුරම්හි මහ විරු සොහොන ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු කනකපුරම් උද්භිද උද්‍යානය ලෙස නම් කිරීමට කිලිනොච්චිය කරච්චි ප්‍රදේශිය සභාව විසින් තීරණයකොට ඇත.
පසුගිය නොවැම්බර් 27 වැනිදා මහවිරු දිනය සැමරීම නිමිත්තෙන් කිලිනොච්චිය දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රි එස්.ශ්‍රීදරන් මහතාගේ විමධ්‍යගත අරමුදල යටත් රුපියල් ලක්ෂ 40 වියදමින් මහවිරු සොහොන ප්‍රතිසංස්කරණය ඇරඹූ අතර එම මුදල් වෙන් කරවාගෙන ඇත්තේ අදාල කනක පුරම් මහවිරු සොහොන උද්හිද උද්‍යානයක් වශයෙන් පිලිසකර කිරීමට බවට කරච්චි ප්‍රාදේශීය සභාව කියා සිටියේය.
නමුත් අදාල ප්රතිශංස්කරන කටයුතු නවතා මන්ත්‍රිවරයකුට ලබාදෙන විමධ්‍යගත ප්‍රතිපාදන භාවිතා කොට එල්.ටි.ටි.ඊ සංවිධානයේ සොහොන් බිමක් පිළිසකර කිරීම පිළිබඳ අග්‍රාමත්‍ය වරයා විසින් වාර්තාවක් කැඳවීමත් සමඟ එය උද්භිද උද්‍යානයක් ලෙස නම්කොට ඇති බවට තොරතුරු වාර්ථ වෙයි.
කරච්චි ප්‍රදේශිය සභාව හා කිලිනොච්චිය ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ අවසරය මත මෙම මහ විරු සොහොන අගෝස්තු මස 08 වනදා ප්‍රතිසංස්කරණය ආරම්භ කරනු ලැබූ අතර එහි තාප්පය මේ වන විට අඩි 1200 ක් පමණ ඉදිකරමින් පවතින අතර එය කනකපුරම් උද්භිද උද්‍යානය ලෙස නම්කොට තිබේ.
කනකපුරම් මහ විරු සොහොන උද්භිද උද්‍යානයක් ලෙස නම්කොට තිබේ දැයි කරච්චි ප්‍රාදේශිය ලේකම් එස්.තම්සනාදන් මහතාගෙන් කළ විමසීමේදී ඔහු පවසා සිටියේ අදාල ස්ථානය කරච්චි ප්‍රදේශීය සභාවට අයත් බැවින් කිලිනොච්චි සංවර්ධන කමිටු රැස්වීමේදී ගත් තීරණයකට අනුව උද්භිද උද්‍යානයක් ලෙස නම්කොට ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට සූදානම් වන බවටයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Chande deepu gon haththata wenasa shapada!
Shappaaaiii…Shappaaaiiii
Sinhalayage badu salli walin demallu palakayanwa pabayanta saha pondiyanta andanawa. Wenasa sapada? Tapa dipalla idam saha polis balathala.
උද්භිද උද්‍යානයක් කරාම මුන් අර රට විනාශ කර මැරුණු කොටින්ගේ නමින් ගස් කොපනය කරන්න යන්නේ. ඊ ලගට හැම ගසකට සමරු පාලක හිටවනවා. නටපන් තව මාස 23ක් .