කිලිනොච්චිය ජනතාව සමග සිටි ආඥාපති සේවයෙන් සමුගනී.. ජනතාවගෙන් සංවේදී සමුදීමක්..

December 25, 2019 at 5:30 pm | lanka C news
කිලිනොච්චිය ජනතාව සමග සිටි ආඥාපති සේවයෙන් සමුගනී.. ජනතාවගෙන් සංවේදී සමුදීමක්..

යුද සමයේදී කොටි සංවිධානයෙන් සාමාන්‍ය වැසියන් බේරාගැනීමේ මෙහෙයුමේදී පෙරමුණු ගත් මෙන්ම යුද්දෙන් පසුවද සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කැප වූ කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහතාගේ සමුගැනීම වෙනුවෙන් විශේෂ උත්සව කිහිපයක් කිලිනොච්චිය වැසියන් විසින් සංවිධානය කොට තිබුණි.

විජිත රවිප්‍රිය මහතා පසුගිය දිනයන්හි මෙන්ම පසුගිය වසරේද කිලිනොච්චිය දිස්ත්‍රීක්කයට බලපෑ අධික ගංවතුර තත්වයන් හේතුවෙන් සාමාන්‍ය වැසියන් බේරා ඔවුන්ට සහන සැලසීමේ පරටුගාමියා වූවා සේම පසුගිය කාලයේදී කිලිනොච්චිය දිස්ත්‍රීක්කයට බලපෑ නියගය සමයේදීද සහන සැලසීමට දැඩි කැපවීමක් වූ නිලධාරියෙක් වශයෙන් ප්‍රදේශයේම දැඩි ජනප්‍රිය පුද්ගලයෙකි.

මේජර් ජෙනරල් විජිත රිවිප්‍රිය මහතා යුදහමුදා මූලස්ථානයේ විශේෂ රාජකාරි කටයුත්තක් වෙනුවෙන් ස්ථානමාරු වී යාම හේතුවෙන් කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප්‍රාදේශීය සභාවේ සහ පරිවිපන්ජාන් ප්‍රදේශයන්හි නැවත පදිංචි ජනතාව විසින් සමුගැනීමේ සහ උපහාර දැක්වීමේ උත්සවයන් සංවිධානය කොට තිබූනි.

එහිදී සාමාන්‍ය වැසියන් විසින් විජිත රවිප්‍රිය මහතාවෙනුවෙන් විශේෂ තිළිණ හා සැමරුම් මෙන්ම උපහාරයන් දැක්වූ අතර සාමාන්‍ය වැසියන් කියා සිටියේ යුද හමුදා නිලධාරියෙකු වශයෙන් සිටියද සාමාණය ජනතාව සමග ඉතා සමීපව කටයුතු කිරීම කිසිදිනක අමතක නොවනු ඇති බවටත් යුද සමයේදී ජනතාව බේරු රණවිරුවට සදා ණය ගැති බවටත්ය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

45,388 Viewers

4 Comments to “කිලිනොච්චිය ජනතාව සමග සිටි ආඥාපති සේවයෙන් සමුගනී.. ජනතාවගෙන් සංවේදී සමුදීමක්..”

  1. රුවන් says:

    අපි හැමෝම ලාංකික.උදවු කිරීම අපේ ලාංකික ගතිය.ජය ශ්‍රී ලංකා

  2. රටවැසි says:

    ශ්‍රී ලාංකික දෙමළ සහ පර දෙමළ අතර වෙනස . මීට පෙරත් ඔය තත්වය ප්‍රදර්ශණය උනා .

    • gihan says:

      wigilata. sampandalata. suhandiramla,gahala elawanneth oya janathaawama thamai.
      meka bedanta, kadanta puluwan ratak nowei.
      kawuruth samagiyen athwel bandagena jeewathwiya yuthu ratak.
      me tika therum ganta bari sakkiliyona gahala pannata oona.

  3. Sun says:

    Thank you major for your great effort for resolving the community problems in the Northern area in a humanistic way. All are suffering and all need to improve internal qualities rather than looking at them in different angles. We know the life is suffering and by inducing community agitation it is not improving. The best way is to live with them like our own brothers. No other way. Once again thank you for your great effort.