කිලිනොච්චිය රෝහලෙන් වාර්තාගත සැත්කමක්..

January 31, 2019 at 6:28 am | lanka C news
කිලිනොච්චිය රෝහලෙන් වාර්තාගත සැත්කමක්..

අවම පහසුකම් යටතේ කිලිනොච්චිය මහ රෝහලේ පළමුවරට දණහිස් බද්ධ කිරීමේ ශෛලකර්මයක් සාර්ථකව අවසන් වූ බවට විකලාංග පිළිබඳ විශේෂඥ වෛද්‍ය එස්.ශෂිකරන් මහතා කියා සිටියේය.

පසුගිය 28 වනදා කිලිනොච්චිය මහ රෝහල් විකලාංග පිළිබඳ විශේෂඥ වෛද්‍ය එස්.ශෂිකරන් මහතා ඇතුළු වෛද්‍යවරුන් කණ්ඩායමක් ශෛල්‍යකර්මය සාර්ථකව සිදුකොට අවසන් කොට ඇත.

රෝහල වෙත ශෛල්‍යකර්මය වෙනුවෙන් අවශ්‍ය උපකරණ නොතිබු අවස්ථාවක මන්නාරම මහ රෝහලේ අධ්‍යක්ෂකවරයාගෙන් සිදුකළ ඉල්ලීමක් මත අවශ්‍ය උපකරණ ලබාගෙන සාර්ථකව ශෛල්‍යකර්මය සිදුකළ බව සිදුකොට ඇත.

ඇවිදීමේ අපහසුතාවයකින් පෙළුන මන්නාරම,පල්ලිමුනෙයි ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකුට මෙසේ සාර්ථකව ශෛල්‍යකර්මය සිදුකොට තිබිණ.

අදාළ පුද්ගලයා ඇවිදීමේ අපහසුතාවය හේතුවෙන් මන්නාරම‍ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ තිබු අතර,එහිදි විකලාංග සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු රෝහලේ නොසිටි බැවින් රෝගියා කිලිනොච්චිය රෝහල වෙත යොමුකොට තිබු අතර,එහිදි කිලිනොච්චිය රෝහලේ විකලාංග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය ශෂිකරන් මහතා රෝගියා පරික්ෂාකොට ශෛල්‍යකර්මය සිදුකිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇත.

මීට පෙර මෙවැනි ශල්‍යකර්මයන් උතුරු පළාතේ යාපනය රෝහල තුළ පමණක් අදාළ ශෛල්‍යයකර්ම සිදුකොට තිබු අතර, අදාළ ශෛල්‍යකර්ම මින් පසු කිලිනොච්චිය රෝහලේදීද සිදුකර ගැනීමට හැකි බවද කිලිනොච්චිය දිස්ත්‍රික් රෝහල් වෛද්‍ය අධ්‍යක්ෂකවරයා වැඩි දුරටත් පැවසුවේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

134 views

One Comment to “කිලිනොච්චිය රෝහලෙන් වාර්තාගත සැත්කමක්..”

  1. Kumara says:

    ශල්‍යකර්ම කියල හරියට ලියාගන්න බෑ. ආණ්ඩු පෙරලන්න කතාව.

Main News