කිලිනොච්චි රෝහලේ තරුණ නිලධාරිනියක් පැහැරගෙන යයි..

February 26, 2020 at 5:30 pm | lanka C news
කිලිනොච්චි රෝහලේ තරුණ නිලධාරිනියක් පැහැරගෙන යයි..

කිලිනොච්චිය මහරෝහලේ සේවය කරන ලද තරුණියක් බලහත්කාරයෙන් රැගෙන යන බවට යුද හමුදාවට ලැබුනු තොරතුරකට අනුව එම පිරිස ඊයේ (25) දින ඕමන්ත ප්‍රදේශයේදී යුද හමුදා භාරයට ගෙන කිලිනොච්චිය පොලීසිය වෙතට භාරදීමට පියවර ගෙන ඇත.

කිලිනොච්චිය රෝහලේ සිටි පිරිසක් කිලිනොච්චිය යුදහමුදා මූලස්ථානයට තරුණියක් බලහත්කාරයෙන් රැගෙන යන බවට දැනුම් දීමෙන් පසුව කිලිනොච්චිය යුද හමුදාව විසින් වවුනියාව යුද හමුදා මූලස්ථානයට දැනුම් දී අනතුරුව ඕමන්ත යුද හමුදා කඳවුරට දන්වා තරුණිය රැගෙන ගිය වෑන් රථය ඕමන්ත පාසල ආසන්නයේදී යුද හමුදාව විසින් නවතා වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා ඕමන්ත පොලීසියට භාර දී ඇති අතර පසුව එහි පරික්ෂණ කටයුතු කිලිනොච්චිය පොලීසිය විසින් සිදු කර ඇත.

පොලිස් පරික්ෂණ වලදී තරුණිය රැගෙන ගොස් ඇත්තේ තරුණියගේම මව හා ඥාතීන් 09 දෙනෙකුගෙන් යුතු පිරිසක් බවට අනාවරනය වීමෙන් පසුව අදාල පිරිසේ අනන්‍යතාවය තහවුරු කොට අවශ්‍ය නීතිමය ක්‍රියාමාරග් සිදු කොට මුදා හැරීමට පියවර ගත් බවට කිලිනොච්චිය පොලීසිය පැවසීය.

එම මුස්ලිම් තරුණිය කිලිනොච්චිය රෝහලේ රසායනාගාර තාක්ෂණ නිලධාරිනියක් ලෙස සේවය කළ 27 හැවිරිදි අම්පාර ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය දමිළ තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇති හෙයින්, ඊට විරුද්ධ වු තරුණියගේ පවුලේ ඥාතීන් විසින් තරුණිය කිලිනොච්චිය රෝහලේ සිට බලහත්කාරයෙන් වෑන් රථයක නංවාගෙන ගොස් ඇති බවට පරික්ෂණ සිදු කරන කිලිනොච්චිය පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

37,056 Viewers

14 Comments to “කිලිනොච්චි රෝහලේ තරුණ නිලධාරිනියක් පැහැරගෙන යයි..”

  1. pathum says:

    යකෝ මුන්ගෙ හැම මගුලටම කෑ ගහන්නෙ හමුදාවට නේ….. පෙරේත හැත්ත

    • Jehan says:

      There’s no CO exsistance with fundementalist Muslims. Now again Wahabi, Thawhid Jamath, Ahamadia groups and Jamath Islamic groups have started their activities. Women from those groups again roaming the streets with full face vail in Colombo and urban areas even in Negambo. Soon these men women will re group and start another wave. It’s important to eliminate Wahabism and fundementalist from this land 2% from 20% Muslim community means a lot. The 2% will again start forcing fundementalist idealogy on the rest. Already Madrasas teaching fundementalist and hailing killings. Ban all madrasas

  2. Kalana says:

    Namuth unta one ekek bandhinna puluwan balahath kaarayen… Unta giya rata saha naayakayan

  3. David Milli-banda says:

    Y cant a Muslim marry a Tamil ?

  4. Nishantha says:

    Then, how can the military expenditure on that raid be recovered. Who is to pay for that. Definitely that extremist Muslim family must pay.

    • Nishantha says:

      Agree with you 100% why did police let the kidnappers take the girl? She’s a adult and no body can force anything on an Adult. Be it Muslim they are not above the law of this country

  5. බන්ඩා says:

    ලංකාවෙ වයස 27 ක ගැහැනියක්ට තමන් කැමති විවාහයක් කර ගන්න නිදහස තිබිය යුතුය්. 21 ට වැඩි ගැහැනියන් අම්මා තාත්තට බලෙන් ගෙනි යන්න බැහැ. මෙවැනි වහල් මානසිකත්වයෙන් මුස්ලිමුන් මිදිය යුතුය්.

  6. Aurora says:

    කිලිනොච්චිය රෝහලේ රසායනාගාර තාක්ෂණ නිලධාරිනියගේ වයස හරිනම් අකමැත්තෙන් ඥාතීන් වෙත භාරදුන්නානම් හමුදාව වැරැදියි. ඕන අවිවාහක මිනිහෙකුට තමන් කැමති, තමන්ටත් කැමති අවිවාහක තරුණියක් විවාහ කරගන්න පුළුවන්. නමුත් ඥාතීන් හරි මොන මල යක්කුන්ට හරි ඒ නිදහස් කැමැත්තට විරුද්ධ වෙන්න බැහැ. ඒ අසරණ කොල්ලෝ කෙල්ලෝ මුන්ගේ ම්ලේච්ඡකම් වල ගොදුරු.

  7. SUMATIRAN SUNAKAYA says:

    WHERE IS BALDY SUMANTHIRA BALLA & WOMANISER ( KU-KURE) HAKIMA?
    WHERE IS JVP NGO PROSTITUTE (PVT) LIMITED – We are the bust traitors of the motherland

  8. MD says:

    heta oya news eka Indiya,England,canada,norway wala channel 4 wala yanne hamudawa Damila taruniyak paharagena dusanaya kara mara dama ati bawatai.

  9. Nishantha says:

    No doubt, abduction is an offence. In this case it a serious violation of human rights. We hope those relatives must have been produced to courts. Please give publicity to that in order to socially condemn such barbaric acts.

  10. හෙලයා says:

    ඒකීය ශ්‍රි ලංකවේ සියලු දෙනාට එක නීතියක් තිබිය යුතුය්.

  11. මට පෙනෙන විදියට නම්, මේ මාධ්‍යකරුවා (වන්නි රොමේෂ් මධුසංඛ) භාෂාව හසරුවා තිබෙන විධියට මෙහි අර්ථය විකෘති වී තිබෙනවා. තරුණිය හමුදා මූලස්ථානයට බලහත් කාරයෙන් අරගෙන ගියා ද? බලහත්කාරයෙන් අර ගෙන යන තරුණිය ගැන හමුදා මූලස්ථානට දැනුම් දුන්නා ද?

Main News