කිලිනොච්චි වැසියන් විරෝධතාවක…

July 1, 2018 at 2:23 am | lanka C news
කිලිනොච්චි වැසියන් විරෝධතාවක…

කිලිනොච්ච්ය පුනරින් ප්‍රදේශයේ පිහිටි කුඹුරු අක්කර 100 කට අධික ප්‍රමාණයක් නැවත් මුල් අයිති කරුවන්ට ලබා දෙන ලෙසට ඉල්ලා නැවත් පදිංචි වූ වැසියන් පිරිසක් පුනරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක නිරත වූහ.

පුනරීන් ජේපුරම් ප්‍රදේශයේ පදිංචි ගොවීහු පිරිසක් විසින් මෙම විරෝධතාව සංවිධානය කොට තිබූ අතර විරෝධතාව සඳහා ප්‍රදේශයේ නැවත පදිංචි ජනතාව සහභාගී වී සිටියහ.

විරෝධතාවට සහභාගී වූවන් කියා සිටියේ පණ්ඩිවෙට්ටි කුලම් ප්‍රදේශයේ කුඹුරු අක්කඅර 100 කට අධික ප්‍රමාණයක් වසර ගණනාවක් පුරාවට පුරන් වෙමින් පවතින අතරම යුද සමයේදී එම කුඹුරු අතහැර දැමුවද යුද්දය අවසන් වූ පසුව බලධාරීන් නැවත පදිංචි වන වැසියන්ට අදාල ඉඩම් හා කුඹුරු ලබා දෙන බවට පැවසුවද මේ වන විට ඉඩම් ලබා දුන්නද කුඹුරු කිසිවක් ලබා නොදීම හේතුවෙන් ජනතාවට දැඩි අසාධාරණයක් වන හෙයින් එම කුඹුරු නැවත මුල් අයිතිකරුවන් වෙතට ලබා දෙන ලෙසටය.

විරෝධතාව අවසානයේ විරෝධතා කරුවන් විසින් පුනරීන් ප්‍රාදේශීය ලේකම් එස්.පී.ක්‍රිෂ්ණෝපරන් මහතාට සන්දේශයක් භාර දුන් අතර ප්‍රාදේශීය ලේකම් වරයා කියා සිටියේ අදාල ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ඡා කොට විසඳුමක් ලබා දීමට කටයුතු සිදු කරන බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

17 views

One Comment to “කිලිනොච්චි වැසියන් විරෝධතාවක…”

  1. Love nature says:

    සිංහල මුල් පදිංචි කාරයන් මරලා එළවලා දැන් හොර ඔප්පු හදලා ඒ ඉඩම් අයිතිකරගන්න හදනවා ..කුලම් ප්‍රදේශයේ කුඹුරු අක්කඅර 100 කට අධික ප්‍රමාණයඅයිති සිංහල මිනිසුන්ට ඒ නියම අයිතිකාරයන්ට මේ කුඹුරු ලබා දෙනු … සංහිදියාව කියමින් උතූරේ සිංහල උරුමයන් කොල්ලා කාම වහාම නතර කරනු කල්තොනින්ට කුඹුරුඉඩම් අයිතිවුණේ කෙසේද ? මේ බොරු කාරයන්ට රැවටී අපේ ජාතික උරුමයන් කල්ලතෝනි දෙමළුන්ට ලබා නොදෙනු

Main News