කිලෝවක් ලක්ෂ අටයි.. රටේම ණය ගෙවන්න පුළුවන් අපේ විද්‍යාඥයින්ගේ ග්‍රැෆීන් ව්‍යාපෘතිය මෙන්න…

October 9, 2021 at 11:20 am | lanka C news
කිලෝවක් ලක්ෂ අටයි.. රටේම ණය ගෙවන්න පුළුවන් අපේ විද්‍යාඥයින්ගේ ග්‍රැෆීන් ව්‍යාපෘතිය මෙන්න…

ශ්‍රී ලංකාවේ ණයබර පවා මුළුමනින්ම ගෙවා දැමිය හැකි ඛනිජ සම්පත් රැසක් මෙරට පිහිටා තිබේ. ඒවායේ වටිනාකම නිසි පරිදි ලබාගැනීමට නොහැකිවීමේ කරුමයකට මේ රට මුහුණ පා සිටී.

ග්‍රැෆීන් යනු එවැනි කතාවකි. ලෝකයේ ග්‍රැෆීන් හඳුන්වන්නේ “වොන්ඩර් මෙටීරියල්“ කියායි.

ශ්‍රී ලංකාවේ පිරිසිදු මිනිරන් වලින් ග්‍රැෆීන් නිෂ්පාදනය කර ගෝලීය වෙළෙඳපොළට අලෙවිකිරීම සඳහා ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ තරුණ විද්‍යාඥයින් කණ්ඩායමක් එක්ව සිදුකරන ව්‍යාපෘතිය මේ වනවිට සාර්ථක අදියරකට පැමිණ තිබේ.

මේ ආකාරයෙන් එක් ග්‍රැෆීන් කිලෝවක් අලෙවි කිරීමෙන් රුපියල් ලක්ෂ 08 ක් පමණ උපයාගත හැකියැයි අනාවරණය වේ.

මේ නිසා, සියවස් ගණනාවක් තුට්ටුවට දෙකට අලෙවිකළ ශ්‍රී ලංකාවේ මිනිරන් අති දැවැන්ත මුදලකට ගෝලීය වෙළෙඳපොළට අලෙවි කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

මෙම ව්‍යාපෘතිය පිළිබඳව ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ තරුණ විද්‍යාඥයින් අන්තර්ජාල නාලිකාවක් සමග පැවැත්වූ සාකච්ඡාව මෙහි දැක්වෙයි.

91,452 views

20 Comments to “කිලෝවක් ලක්ෂ අටයි.. රටේම ණය ගෙවන්න පුළුවන් අපේ විද්‍යාඥයින්ගේ ග්‍රැෆීන් ව්‍යාපෘතිය මෙන්න…”

  1. පැන්ඩෝරා පේපර්ස් says:

    දැන් තොපි කීසැරයක් රටේම ණය ගෙව්වද ? හැබැයි මහ එවුන් ණයට ගත්ත ඩොලර් වලින් යුවාන් වලින් සහ යුරො වලින් හොරා කාපු ප්‍රමාණය ලංකාවට ගෙනාවනං මේ ණය ටික පැහැදිලිව ඉවර කරන්න තිබ්බා. ඔෆ් ශෝ එකවුන්ට් වල සල්ලී ඇදහල්ලකො නාට්‍ය පෙන්න්නැතුව.

  2. Gune says:

    සියල්ලෙහිම දොස් පමණක් දකින, කුලියට Comments ලියන JVP වහල්ලු.

  3. Banda says:

    Labba tamai. Ekek kaa ගහනවා gas hamba una hari kiyala. Dn ayeth hiwalek kaa ගහනවා labbak kiyala. Ahenna kiyanna epa sure shot desapaluwo okatath monawa hari kiyai

  4. සමනා says:

    දිනේවා! දිනේවා!! දිනේවා!!!

  5. niru says:

    Graphene is nothing new. In 2004 two people received Nobel prize for discovering it. Upto date it has not been produced at over 60% concentration
    If these guys can reach at least 90 to 95% in industrial quantities then it is a breakthrough

    • Boo says:

      මුලින් දනගාන්නෙ නැතුව කෙලින්ම ඔලිම්පික් දුවන්න පුලුවන් ලමයි හදමු අපි.

  6. lahiru chamara says:

    ලන්කාවෙ යුනිවර්සිටි කියන්නෙ රටට බරක්වෙච්ච සුදු අලි එලියට දමන ආයතනයක් පමනයි. තවම එයලට කන්න දෙන්නෙ ගාමන්ට් කෙල්ලොයි මැදපෙරදිග ගිය අම්මලයි තමා. උනිවර්සිටි වලට වියදම්කරන සල්ලි වලින් හරක් පට්ටි ටිකක් හැදුවනම් රට කිරිවලින් හරි ස්වයන්පෝශිතවෙලා.

  7. ChithRANANDA Weerakkody says:

    කිලෝ එකක් හදලා ලක්ශ අටට හරි කීයකට හරි විකුනලා ඒකේ සල්ලි ගත්ත බිලත් එක්ක පෙන්නපන්.
    අපේ එවුන් ගොඩක් වෙලාවට කතා විතරයි .

  8. බන්ඡුගේ මයිලා says:

    අර ලෙඩ් ඇසිඩ් බැටරියට ග්රැපීන් දාපු එකත් පට්ට ඇන්දිල්ලක් ආයුබෝවන්ඩ…. ගහ දන්න එවුන්ට කොල කඩා පානවා.

Main News