කිලෝව රුපියල් 20-25යි.. අල ගොවියා අනාතයි..
February 19, 2019 at 5:30 pm | lanka C news
රජය විසින් ආනයනික අර්තාපල් බද්ධ වැඩි කලද යාපනයේ අර්තාපල් ගොවීන්ගේ අල තොග සාධාරණ මිලකට අලෙවි කරගැනීමට නොහැකිව යාපනයේ ගොවීහු දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටිති.
මේ දිනවල අර්තාපල් මිලට ගැනීම රුපියල් 20 ත් 25 අතර වීම නිසා යාපනයේ අල ගොවීන් දැඩි අසීරුතාවයකට මුහුණ පා සිටිති.
මේ අතර යාපනයේ අල ගොවීන්ට විදීමට සිදුව ඇති මෙම අසීරුතාවය පිළිබදව මේ වන විට කෘෂිකර්ම අමාත්‍යවරයා දැණුවත් කොට ඇති අතර අමාත්යවරයාගේන්ද ගොවීන් සහනයක් බලාපොරොත්තුවෙන් සිටිති.
යාපනයේ අල වගා කරන්නන්ගේ සමීතියේ උප සභාපති එස්.චන්ද්‍රසේකරන් මහතා සදහන් කළේ රජය අර්තාපල් ආනයනික බද්ද කිලෝවක් රුපියල් 50 දක්වා වැඩි කළද යාපනයේ අල ගොවීන්ගේ ප්‍රශ්නයට මෙතෙක් විසදුමක් නොලැබී ඇති බවටයි.
යාපනයේ අර්තාපල් වාර්ෂිකව අස්වැන්න නෙලන කාලයේදී යාපනයේ අලගොවීන්ට මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දීමට සිදු වූ බව කියන යාපනයේ අල ගොවීන් කිසිදු රජයක් ඊට විකල්පයක් හෝ විසඳුමක් නොලැබී ඇති බවටත් අල ගොවීන්ගේ සංගම් රජය සමග සාකච්ඡා කළ අවස්ථාවේදී රටේ අර්තාපල් අල අවශ්‍යතාවය නුවරළියේ හා යාපනයේ ගොවීන්ට ලබා දිය හැකි බැවින් අර්තාපල් ආනයනය සීමා කරණ ලෙසා රජයෙන් ඉල්ලා සිටියද එම ඉල්ලීමටද සහනයක් නොලැබුණු බවද චන්ද්‍රෙස්කරන් මහතා කියා සිටියේය.
දඹුල්ල ඇතුළු තවත් පළාත් කීපයක ගොවීන්ද මෙම අර්තාපල් වගාවට යොමු වී සිටි බව පවසන යාපනයේ අල ගොවීන් කියා සිටියේ අලෙවි කිරීමට නිසි පහසුකම් නොමැති නිසා එම පළාත් වල අල ගොවීන් එම වගාව අතහැර දමා ඇති බවටත් ඉදිරියේදී සාධාරණ මිලකට අල අලෙවි කරගැනීමට නොහැකි වුවහොත් යාපනයේ ගොවීන්ද අල වෙණුවට රතුලූණු වගාවට යොමුවනු ඇති බව යාපනයේ අල ගොවීන් වැඩිදුරටත් කියා සිටියහ.
– වන්නි රොමේෂ් මධුෂංඛ
රටේ සිංහළ දෙමළ මුස්ලිම් සියලුදෙනාගේම බලාපොරොත්තුව මේ කාලකන්නි රජය ගෙදර යැවීමයි
All farmers should recognize what is UNP and Ranil Wikramasinghe before vote to UNP. Farmers in NuwaraEliya, Welimada and Jaffna should thin about that
paw ahinsakayo….. rata karawana gon harak ko? rupiyal wissata wikinenne me minissunge dahadiya kandulu bplaw. hadapiyaw ikmanata gabadaa pahasukam kalthabaaganna me ahinsakayinge nishpaadana.
This is not true…..