කිලෝ දහසකට වැඩි මුහුදු කූඩැල්ලන් ලඟ තබා සිටි අයෙකු අත්අඩංගුවට

July 28, 2019 at 2:13 am | lanka C news
කිලෝ දහසකට වැඩි මුහුදු කූඩැල්ලන් ලඟ තබා සිටි අයෙකු අත්අඩංගුවට

තලෙයිමන්නාරම, එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේදී සිදු කළ වැටලිමකදී වියලි මුහුදු කූඩැල්ලන් අනවසරයෙන් ලඟ කබා සිටි අයෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව හා මන්නාරම සහකාර ධීවරපරික්ෂක කාර්යාල පවසයි.

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලයට අනුයුක්ත නිලධාරින් එක්ව තලෙයිමන්නාරම, එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි නීති විරෝධි ලෙස නිවසක් තුල සඟවා තිබූ මෙම වියලි මුහුදු කූඩැල්ලන් තොගය සොයා ‍ගෙන ඇති අතර, එහිදි, වියලි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 1018 ග්‍රෑම් 900 ක් සහ නිවසේ හිමිකරු ගනු ලැබීය.

සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය මඟින් මුහුදු කුඩැල්ලන් ලඟ තබා ගැනීමට අවසර ලබාදී ඇති ප්‍රමාණයට වඩා මුහුදු කුඩැල්ලන් ලඟ තබා ගැනීම හේතුවෙන් මෙලෙස මෙම පුද්ගලයා නාවික හමුදා බාරයට ගෙන ඇති අතර එම පුද්ගලයා වයස අවුරුදු 33 වන වියෙහි පසුවන එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මන්නාරම සහකාර ධීවර පරික්ෂඛ කාර්යාලය විසින් වැඩි දුර පරික්ෂණ කටයුතු සිදු කරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

6,567 Viewers
Main News