කිලෝ පහක් බරැති මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක් හමුවේ..

February 18, 2021 at 2:22 am | lanka C news
කිලෝ පහක් බරැති මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක් හමුවේ..

වව්නියාව සෙට්ටිකුලම් පොලිස් වසමේ සින්නතම්පනෙයි ප්‍රදේශයේ කැලෑවක වළදමා තිබියදී කිලෝ පහක් බරැති එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක් 17 සවස හමුවී ඇති බවට සෙට්ටිකුලම් පොලීසිය පවසයි.

වව්නියාව පොලිස් රාජ්‍ය බුද්ධිඅංශ නිලධාරීන්ට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව සෙට්ටිකුලම් පොලීසිය සහ පොලිස් විශේෂ කාර් ය බලකා නිලධාරීන්ගේද සහය ඇතිව සින්නතම්පනෙයි වැව ආසන්නයේ පිහිටි කැලෑබද ප්‍රදේශයකින් මෙම මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙක සොයාගනු ලැබීය.

එහිදී සින්නතම්පනෙයි කැලෑවේ සිදුකල සෝදිසියකදී ගසක් ආසන්නයේ පොළව යට ඉතා ආරක්ෂිතව වලදමා තිබූ එක් ඇඳුම් කට්ටලයක් කිලෝ දෙකහමාර් බැගින් වූ බරකින් යුක්ත මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක් තිබී හමු වී ඇත.

අදාල මරාගෙන මැරෙන් ඇඳුම් කට්ටල දෙක ගොඩගන්නා අවස්ථාවේදීද සක්‍රීයව ආරක්ෂා කාරීව තිබුනු බවටත් අවසන් යුද සමයේදී කොටි සංවිධානය විසින් මතු ප්‍රයෝජනය සඳහා ආරක්ෂිතව මෙම ස්ථානයේ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙක වලදමන්නට ඇති බවට පොලීසිය සැකපල කර සිටියි.

සොයාගත් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙක අධිකරණ නියෝගයකින් නිශ්ක්‍රීය කිරීම සඳහා පොලිස් විශේෂ කාර් ය බලකායේ සහයද ලබාගන්නා බවට පරික්ෂණ ිසදුකරන සෙට්ටිකුලම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

17,843 views
Main News