කිලෝ පහක බොම්බයක් හමු වෙයි…

January 21, 2018 at 5:30 pm | lanka C news
කිලෝ පහක බොම්බයක් හමු වෙයි…

යාපනයේ මණ්ඩතීව් මුහුදු වෙරළ අසල බෝක්කුවක් යට සඟවා තිබූ කිලෝ ග්‍රෑම් පහක පමණ වන බෝම්බයක් පොලීසිය විසින් සොයා ගෙන ඇත.

මෙම බෝම්බය එල්.ටී.ටී,ඊ සංවිධානය සතු බෝම්බයක් බවට පොලීසිය සැක කරන නමුත් එවැනි බෝම්බයක් කිසිවෙකුත් නොදැක මෙපමණ කාලයක් තිබීම ගැන සලකා බලන විට එම බෝම්බය මෙතැනට ගෙනැවිත් දමන්නට ඇත්තේ දින කීපයකට පෙර කවුරුන් විසින් හෝ බවටද සැකයක් පහළ වී තිබේ.

අපළාතේ ධීවරයින් දෙදෙනෙකු විසින් මෙම බෝම්බය මුලින්ම දැක ඇති අතර ඔවුන් විසින් ඒ පිළිබදව පොලීසියට තොරතුරු දී තිබේ.

එම බෝම්බය පෙට්ටියක බහා හොදින් ආවරණය කොට තිබූ නිසා බෝම්බ පරිහරණය පිළිබදව ඉතා හොද දැණුමක් ඇති අයෙකු විසින් මෙම බෝම්බය මෙතනට රැගෙන විත් ඇති බවද පොලීසිය සැක පලකර සිටියේය.

ෙකෙසේ වෙතත් යාපනය පොලීසිය පැමිණ එම බෝම්බය රැගෙන ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

20 views

7 Comments to “කිලෝ පහක බොම්බයක් හමු වෙයි…”

  1. වෛරපාල says:

    බෝම්බයක්ද මත්කුඩුද හොයලා බලපං
    නැතිනම් නැව් රාජිතගෙන් අහලා බලපං
    පෙට්ටිය සුදු නිසා හොරෙන් හංගා තියපං
    දන්තගෙ සුදුකොඩි දවසට පුතාට බාර දියං

  2. kamalasirikuruwita says:

    චන්ද්‍රිකාගේ සන්හින්දියාවයි සහ රනිල්සිරිලගේ සහජිවනේ දෙකම දෙන්ඩ ගෙනාපු බඩුවක් වගේ තමයි පෙනෙන්නෙ . මදැයි මීහරක් ටික එකතුවෙලා වෙනසක් කොලා. චී අම්මප !

  3. PISSU PUSHA says:

    YAMAPALANA WEDA

  4. lion says:

    නැවත යුද හමුදාව උතුරේ තර කල යුතුය

    • ranjith fernando says:

      හා හා එහෙම කොරන්නෙ කොහොමද එයාල තරහ වෙයිනෙ එතකොට

  5. GA says:

    Sanhidiyaven otapu Bombayak ? ? ?

Main News