කිලෝ මීටරයට වියදම 3.50යි.. අළුත් අවුරුද්දට අට ලක්‍ෂයකට කාර් එකක්..

April 9, 2017 at 1:20 pm | lanka C news
කිලෝ මීටරයට වියදම 3.50යි.. අළුත් අවුරුද්දට අට ලක්‍ෂයකට කාර් එකක්..

‘කැප්ලා’ නමින් හැඳින් වූ ශ්‍රී ලංකීය විදුලි මොටර් රථ නිෂ්පාදනයක් පිළිබඳ පසුගිය කාලය පුරාම විවිධ මාධ්‍ය ඔස්සේ වාර්තා නිකුත් වුණා ඔබට මතක ඇති.

කපිල ද සිල්වා නව නිපැයුම්කරුවාගේ අතින් නමවුණු මෙම මොටර් රථය ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට රුපියල් ලක්ෂ 8ක මුදලකට මෙරට වෙළඳපලට නිකුත් කීරීමට සූදානම් වෙයි.

පැයට කිලෝමීටර් 60ක උපරිම වේගයෙන් මගීන් හතර දෙනෙකුට සුවපහසුව ගමන් කළ හැකි මෙම විදුලි මොටර් රථය, එක් ආරෝපණයකින් කිලෝමීටර් 100ක් ධාවන කළ හැකියි.

මෝටර් රථයේ බැටරිය නැවත ආරෝපණය කිරීම නිවසේ විදුලි සැපයුම හරහාම සිදුකිරීමට හැකියාව මෙම මොටර් රථයට පවති.

60% දේශීය අමුද්‍රව්‍ය භාවිතා කර නිපදවා ඇති මෙම මෝටර් රථය සඳහා පිටරටින් ආනයනය කරන්නේ මෝටර් කන්වර්ටරය හා බැටරි පමණයි.

පිටරටින් ආනයනය කරන මෙම අමුද්‍රව්‍ය සඳහා රජයෙන් බදු සහන ලබා දෙන්නේ නම් ලක්ෂ 6ක මුදලකට මෙය ලබා දීමට හැකි බව නිෂ්පාදකයින් පවසයි.

අඩි 4ක් පළලින් හා අඩි 7ක් දිගින් යුක්ත වන මොටර් රථය මුල්වරට නිෂ්පාදනය කර ඇත්තේ 2013 වසරේදීයි. පරිසර හිතකාමී නිර්මාණයක් වන මෙය ඉතා අඩු ශබ්දයක් පිටකරන අතර එක් කිලෝමීටරයක් ධාවන කිරීම සඳහා වැයවන්නේ රු.3.50ක් තරම් අවම මුදලක් බව වාර්තා වෙයි.

– adaderana

98 views

21 Comments to “කිලෝ මීටරයට වියදම 3.50යි.. අළුත් අවුරුද්දට අට ලක්‍ෂයකට කාර් එකක්..”

  1. LION says:

    අපේ රාවණ පරරපුරට ජයවේවා ඉතා ඉක්මනින් අපි දඩු මොනරාත් නිපදවනවා ජය ශ්‍රී

    • Kal says:

      Send him into the prison.vehicle impoters will have strike agains this vehicle.This yamapalae.

      • මේනක says:

        මුගේ හතර හන්දි කඩල..හිරේ දාල…අයිත් ලංකාවෙ එකෙකුට වාහනයක් තියා ඇනයක්වත් හදන්න බැරි වෙන්න වැඩේ දෙන්න ඕනැ. නැත්නම් පිටරටින් බඩු ගෙනහල්ල රවී කරුපයියාට කොමිස් ගහන්න බැරි වෙනවා.

      • Amda says:

        මේකට අර බදුපෙරේතරවියා බද්දක් ගැහුවේ නැත්තම් තමා පුදුමේ

    • Rs says:

      ඔය මෝඩ සෙට් එක රාවණා නැගිට්ටවන්න ගිහිං තමයි තිබුණ ටිකත් අහුරව ගත්තේ.
      රාවණා කථාව ඉන්දියාවේ බමුණෝ ගොතපු කථාවක්.
      එදාපටන් ඔය ගොතපු කථාවෙන් පරිප්පු කන්නේ ලංකාව
      ඔය ගොං කතාව නවත්තපු දාට ලංකාවට සෙතක් වෙන්නේ.
      කාර් එක හදල තියන එකාගේ නම ලියල තියෙද්දිත් මගුල් රාවනාවක් ගහන්න එනවා
      සිංහලය පුරසාරම් දොඩවනවා මිසක් ඔය ලියන උන් පැලයක් වත් වවල රටට වැඩක් කරන්නේ නෑ

      • Premasiri says:

        දන්නා මගුලක් ලියපන් ගොන් යකෝ. දැනට පාවිච්චි වන නාඩි විද්‍යාව රාවණ රජුගේ නිර්මාණයක්. ලංකාවේ රාවන රජුගේ සාක්ෂි එමටයි. නමුත් ඔය පිටදුවේ පිස්සා පස්සේ දුවන ගොන් යක්කුන්ට ඕවා කියල වැඩක් නෑ .

  2. love nature says:

    මේ උදාව ඇත්තේ රාවණා වංශයේ පිබිදෙන යුගය

    • Rs says:

      මගුලක් කතාකරනවා ….
      තෙරුවන් සරණ පල. රවනාවක් ගහන්නතුව

      • Premasiri says:

        තෙරුවන් සරනෙත් ඉන්දියාවේ බමුණෝ ගොතාපු එකක් තමා බන්.

  3. Dayani says:

    Congratulation to Mr. Kapula de Silva and all those brains behind this product.!!! As a Sinhalese I am really excited to see this new electric car, made in Lanka, so that people will stop buying inferior Indian vehicles.!!!
    P

  4. sinha le says:

    Palace of King Ravana over 5000 years ago

    https://wn.com/palace_of_king_ravana_over_5000_years_ago

  5. Nalaka says:

    ලක්ෂ 8 ට නෙවෙයි, ඉන් දහයෙන් පංගුවකට දුන්නත් මම නම් මේ කාර් එක මිළදී ගන්නේ නෑ.

    • බන්ඩය්යා says:

      උඹ ත්‍රිවීලෙක ගිහින් නැද්ද

    • Asitha says:

      Nalaka you are an ideal person to wash the ass of westerners..You morons never appreciate new local products and always think that whatever’s Shit that is brought from western countris are good. Get a life you moron.

    • Premasiri says:

      ගන්නේ නැත්තන් කට වහ ගනින්. එකට කරන්න තියෙන්නේ එක දෙයයි. ගහ ගනින් ඇගිල්ල උබේ පුකේ.

    • veeba says:

      පිට රට දේ සිරිසැපදේ්….

  6. SL PUTIN says:

    I truly am proud !🚘 I feel like buying this after an inspection !!✔️

  7. fedo says:

    What will happen to vjox wagon factoffry

  8. shantha dissanayake KURU says:

    unp hitiyith okath indian ballanta dei

  9. Nirmal S says:

    ශ්‍රී ලාංකිකයකු මෙවැනි නිර්මාණයක් කිරීම ඉතා විශ්ෂ්ටයි. ලාංකිකයන් ලෙස අප සියලු දෙනා ඔහුගේ ඉදිරි ගමනට සුබ පැතිය යුතුය.
    ඔහු දේශයට යමක් කර ඇත.

  10. Nirmal S says:

    කපිල මහතාණනි පුංචි දෙයක් කියන්න ඕන. අද ගෙන්වන කුඩා ප්‍රමාණයේ බාල කාර් සහ ත්‍රී රෝද රථ, මිල අඩු නිසා සාමාන්‍ය ජනතාව අතර ජනප්‍රිය වී ඇත. නමුත්, මාර්ග අනතුරකදී මෙම වාහන අනාරක්ෂිතය. පව්ලේ වාහනයක් ලෙස මෙවැනි කුඩා බාල වාහනයක් බාවිතා කරන්නේ නම් මුළු පව්ලම අනාරක්ෂිත භාවයකට පත් වේ. මේ නිසා ඔබගේ නිර්මාණය තුල, අනතුරකදී ආරක්‍ෂිත බව වැඩි වන පරිදි වාහනයේ ඉතා ශක්තිමත් බද, තිරිංග පද්දතිය, සහ සෙසු ආරක්ෂක ක්‍රම වේදයන් ඉහල තත්වයකින් පවත්වා ගැනීම ගැන අවදානය යොමු කරන්න. (එවිට වාහනයේ මිල සහ වැයවන ශක්තිය මදක් වැඩි විය හැක.
    නමුත්, මිල සහ ක්ෂමතාවට වඩා මගීන්ගේ ජීවිත වටී). මෙසේ වාහනය නිර්මාණය කිරීමෙන් ඔබට එහි ආරක්ෂාව ගැන ප්‍රචලිත කිරීමෙන් වෙළද පොලේ දැනට පවතින බාල අඩු මිල කුඩා මෝටර් රථ සමග තරගයක් දිය හැක. එසේම ලාංකිකයන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට ඔබටද දායක විය හැක. තෙරුවන් සරණයි.