කිලෝ 15ක් බර අධිබලැති පීඩන බෝම්බයක් මුලතිව්වලින් හමුවෙයි

December 10, 2018 at 6:48 pm | lanka C news
කිලෝ 15ක් බර අධිබලැති පීඩන බෝම්බයක් මුලතිව්වලින් හමුවෙයි

යුද සමයේදී කොටි සංවිධානය විසින් වලදමන ලද කිලෝ 15 ක් බරැති අධිබලැති පීඩණ බෝම්බයක් මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයේ තිබී ඊයේ (09) දින හමු වී ඇති බවට කොක්කුතුඩුවායි පොලීසිය කියා සිටියේය.

1984 වසරෙදී බෝම්බය වලදමා තිබූ ඉඩම හිමිකරු විසින් යුද සමයේදී අතහැර දමා ගොස් ඇති අතර යුද්දයෙන් පසුව නැවත පදිංචියට පැමිණ ඇත්තේ 2011 වසරේදීය එහිදී අදාල හිමිකරු විසින් ඉඩම එලි පෙහෙලි කිරීමට භූමිය සකස් කිරීමේදී මෙම පීඩන බෝම්බය දැක ඒ බව ප්‍රදේශ භාර ග්‍රාම නිලධාරී වරයාට දැනුම් දී අනතුරුව කොක්කුතුඩුවායි පොලීසියට දැනුම් දී ඇත.

අනතුරුව කොක්කුතුඩුවායි පොලීසිය හා කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ සෙබලුන් පිරිසක් පැමිණ අදාල පීඩණ බෝම්බය ගොඩට ගෙන මුලතිව් අධිකරණ නියෝගයකට අනුව ඊයේ (09) දින නිශ්ක්‍රීය කිරීමට පියවර ගනු ලැබීය.

අදාල පීඩන බෝම්බය කිලෝ 15 ක බරින් යුක්ත වන අතර යුද සමයේදී කොටි සංවිධානය විසින් ආරක්ෂක අංශ වල යුද ටැංකි ගමන් නැවත්වීම පිණිස මෙම පීඩණ බෝම්බ වලදමන්නට ඇති බවට පොලීසිය සැක පල කර සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

11,450 Viewers
Main News