කිලෝ 510 මැණික් පොකුරට රුපියල් කෝටි 5000ක ලංසුවක්.. දෙන්න බෑ කියයි..

December 9, 2021 at 11:20 am | lanka C news
කිලෝ 510 මැණික් පොකුරට රුපියල් කෝටි 5000ක ලංසුවක්.. දෙන්න බෑ කියයි..

රත්නපුරයෙන් හමුවූ කිලෝ 510 බරැති නිල්මැනික් පොකුරට ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ලංසුවක් ඉදිරිපත් වී ඇත.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කළේ එංගලන්තයේ ප්‍රසිද්ධ මැණික් වෙන්දේසියකදී මේ ලංසුව ලැබුණු බවයි.

නමුත් එම මිල සදහා මැණික් පොකුර හිමිකරුවන් සහ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය එකඟත්වය පළ කර නැති බව ද ඔහු පැවසීය.

ඒ සඳහා ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කර ඇති මිල ඩොලර් මිලියන හාරසියයක් බවද අමාත්‍යරයා තවදුරටත් සඳහන් කළේය.

අයවැය කාරකසභා අවස්ථා විවාදයේ දී ඔහු මේ බව සඳහන් කරන ලදී.

81,013 views

15 Comments to “කිලෝ 510 මැණික් පොකුරට රුපියල් කෝටි 5000ක ලංසුවක්.. දෙන්න බෑ කියයි..”

  1. dev says:

    wow

    good good aythikaraya wasana wanthai

  2. Sam says:

    Ai meka polish karala value eka add larala wikunnanne naththe? Boruwakda karanne?

  3. රොමැරිකන් says:

    විකුණන මුදල වගේ දෙගුණයක් ලොහාන් ට කොමිශන් එක නුදුන්නොත් මැණික විකුණනවා බොරු !

  4. සවාධීන says:

    අනේ බං ඔන්න ඕක කීයකට හරි දීල දාපං. නිකං මිනිස්සු චූන් කරන්නේ නැතුව. ඕන නම් රුපියල් 5000 ක් දෙන්නම් මං.

  5. එක්සත් මැණික් ව්‍යාපාරිකයින්ගේ සංගමය says:

    මේ කතාව විටින් විට කරළියට ගෙනඑන පට්ටපල් බොරැවක්. මෙහි අයිතිකරැයයි කියන කහවත්ත, කෙටේතැන්නේ, පොඩි රාජා යන අය මෙම කතාවෙන් බොහෝ පිරිසක් රැවැට්ටුවා. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මැණික් තක්සේරැ අංශයේ නිළධාරීන් මෙය පට්ටපල් බොරැවක් බව දැනගෙන සිටියත්, ඔවුන් ඒගැන අහුමුළුවල කසුකුසු ගෑවත්, රැකියාවට ඇති බිය නිසාත්, එහි සභාපතිත් මෙම බොරැව ප්‍රචාරය කරන්න මහන්සි වෙන නිසාත්, ඒගැන ඉදිරියට ඇවිත් කිසිවක් ප්‍රකාශ කරන්නේ නෑ. පොඩි රාජා යන අය බංකොලොත්වී සිටින අයෙක්. ඔහු මාධ්‍ය මගහරිමින් සිටිනවා. අධිකාරියේ සභාපතිට මැණික් ගැන කිසි දැනුමක් නෑ. ඔහු විදේශ මුදල් හුවමාරැකරන උන්ඩියල් බිස්නස්කාරයෙක් පමණයි.
    මෙම යෝදයා වතාවක් මාධ්‍යට කීවා මෙම මැණික්ගල ලංකා බැංකුවේ සේප්පුවක තැන්පත් කරඇති බව. එයද පට්ටපල් බොරැවක්. ටොන් බාගයක් බර මැණික්ගලක් තැන්පත්කර හැකි සේප්පු ලංකා බැංකුවේ නැහැ. රේගු ආරංචි මාර්ග සඳහන් කරන්නේ එවැනි විශාල මැණික්ගලක් ප්‍රදර්ශනයකට ලංකාවෙන් රැගෙන නොගිය බවයි. සභාපති මාධ්‍යයට බොරැකියන අතරේ, ඇමති පාර්ලිමේන්තුවට බොරැ කියනවා. මෙම ජවනිකාව නැවත, නැවත කරළියට ගේනවා. මෙම ගල එවැනි වටිනා මැණිකක් නොවෙයි. ලෝකය මේ විදියට රවට්ටන්න එපා. අප සංගමයේ මැණික් පිළිබඳ විශේෂඥ දැනුම සහ ප්‍රායෝගික දැනුම තියෙන විශාල සාමාජික පිරිසක් සිටිනවා. අප මොවුන්ට අභියෝග කරනවා හැකිනම් මේ පිළිබඳව අප සමග ප්‍රසිද්ධ රෑපවාහිනී විවාදයකට එනලෙස. මෙවැනි බොරැ ප්‍රචාරයකර ශ්‍රීලංකාවෙි මැණික් පිළිබඳව ලෝකයේ ඇතිකරගෙන ඇති විශ්වාසය විනාශකර දමන්න එපා.

    • කළු සල්ලි says:

      කළු ගලක් ගැන කියලා හරි රට හංගපු කලු සල්ලි ටික රටට ගෙන්න ගන්න ඉඩ දීල නිකං කට වහගෙන හිටූ.

    • yakaa says:

      Exactly!… Can’t agree more…

    • Tads De Alwis says:

      very good reply all. i can not believe why Lohan also involved in this lie as the minister. it does not matter majority of these politicians are dumb and stupid but that position or portfolio has a dignity. this government will go to guinness world records for the most corrupted, stupidest, dumbest governance. people should not believe any of lies uttered by these opportunists and show them the door from the next election. i wish JVP will get a chance to govern our motherland and punish all these crooks legally.

  6. baමුනා says:

    කලු සල්ලි අදින උපක්ක්‍රමයක්…

  7. saman says:

    දෙන්න එපා තව ගොඩාක් වටිනවා.

  8. විකාර කථා says:

    දැන් ටික කාලෙකට කලින් ඔය ගලට ඩොලර් මිලියන 500 ක ලංසුවක් ලැබුණු බව ප්‍රවෘත්ති මගින් විකාශය කළ බව මතකයි. එය චීනයෙන් ලැබුණු ලංසුවක බව සදහන් විය. මොකක්ද මේ කෙරෙන විකාරය.

    • කළු ගලෙන් මුදල් උපයමු says:

      ඒ මුදලින් භාගයක් කලින් එවුවා. එක ගල කීප වතාවක්ම මුදල් කරන විදිය දැන් ක්‍රියාත්මක කරනවා.

  9. Felix says:

    Munge Mee Sathiye Draama Wala Kotasak…. Dawas Deka Thunak Adinna Puluwan.

  10. Tads De Alwis says:

    hahaah this is an absolute lie. i can can not believe why our people are believing all the filthy lies uttered by Rajpaksa stooges.